Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෝනි (75) චෙන්නායි පිලට ජය ගෙනෙයි

දෝනි (75) චෙන්නායි පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 12 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර චෙන්නායිහිදී අද (31) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයෙන් චෙන්නායි පිල ලකුණු අටක තියුණු ජයක් ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කය හඹාගිය රාජස්ථාන් රෝයල්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167 ක් පමණි. ඞ්වේන් බ්‍රාවෝ යැවූ අවසන් ඕවරයට ලකුණු 12 ක් රැස්කළ යුතුවුවද ලකුණු තුනක් එකතු වෙද්දී කඩුලු දෙකක් ද බිඳ වැටුණි.   

බෙන් ස්ට්‍රොක්ස් පන්දු 26 කින් හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් රැස්කළ ලකුණු 46 වඩාත් කැපී පෙනුණි.

බෙන් ස්ට්‍රොක්ස් සහ ජොෆ්රා ආචර් හයවැනි කඩුල්ලට පන්දු 18 කින් ගොඩනැගූ වේගවත් ලකුණු 44 සම්බන්ධතාවය රාජස්ථාන් පිල ජයග්‍රහණය පෙණෙන මානයට රැගෙන ආවේය.

රාහුල් ටි්‍රපාති පන්දු 24 කින් රැස්කළ ලකුණු 39 න් රාජස්ථාන් පිල නැවතත් හිස එසවීය.

රාජස්ථාන් රෝයල්ස් පිලේ ප්‍රබලතම පිතිකරුවන් වන නායක අජින්‍යා රහනේ (0), ජෝස් බට්ලර් (06), සංජු සැම්සන් (08) ලකුණු 14 ක් තුළ පිටියෙන් ඉවත්වීමෙන් ආරම්භය අසාර්ථක විය.

මහේන්ද්‍ර සිං දෝනි පන්දු 46 කින් හතරේ පහර සහ හයේ පහර හතර බැගින් අන්තර්ගත කරමින් නොදැවී රැස්කළ ලකුණු 75 චෙන්නායි ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය බවට පත්විය.

චෙන්නායි ඉනිමේ අවසන් ඕවර 10 ට ලකුණු 120 ක් ලකුණු පුවරුවට එකතු වීම කැපී පෙනුණි.
දෝනි සහ බ්‍රාවෝ පස්වැනි කඩුල්ලට පන්දු 31 කින් ලකුණු 56 සම්බන්ධතාවක් පැවැත්වමින් සටනක් දියහැකි ලකුණු සංඛ්‍යාවකට රැගෙන ආහ.

මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේෂ් රයිනා සිවුවැනි කඩුල්ලට ලකුණු 61 ක සම්බන්ධතාවක් පවත්වමින් සතුටුදායක තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.

රයිනා පන්දු 32 කදී හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 36 ක් රැස් කළේය.
චෙන්නායි පිල පළමු ඕවර 10 අවසන් වන විට කඩුලු තුනක් දැවී ලකුණු 55 ක් පමණක් රැස්කර සිටියේය.

මහේන්ද්‍ර සිං දෝනි ලකුණු රැස්කිරීමට පෙර වේග පන්දු යවන ජොෆ්රා ආචර් යැවූ ඉනිමේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුව කඩුල්ලේ වැදුණ ද ‘බේල්ස්’ ඉවත් නොවීමෙන් තව දුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව උදාවිය.

චෙන්නායි පිපේ ප්‍රබලතම පිතිකරුවන් දෙපළක් වන අම්බාටි රයිදු (01) සහ ෂේන් වොට්සන් (13) ලකුණු 14 ක් තුළ දැවී යෑමෙන් ඉනිම මන්දගාමී විය.

රාජස්ථාන් පිලේ නායක අජින්‍යා රහනේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට චෙන්නායි පිලට ආරාධනා කළේය.

මෙහිදී චෙන්නායි පිලේ ප්‍රබල ක්‍රීඩක හර්බජාන් සිංගේ ස්ථානයට නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ටර් කැඳවා තිබුණි.


චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 175
(සුරේෂ් රයිනා 36, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 75,  ඞ්වේන් බ්‍රාවෝ 27, ජොෆ්රා ආචර් 17/2)

රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලු 7 ට 167
(රාහුල් ට්‍රිපාති 39, ස්ටීව් ස්මිත් 28, බෙන් ස්ට්‍රොක්ස් 46, ජොෆ්රා ආචර් නොදැවී 23, දීපාක් චාහර් 19/2, ඉම්රාන් තාහීර් 23/2, හර්දූල් ඨාකූර් 42/2)

 

 

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
- 048

 


අදහස් (0)

දෝනි (75) චෙන්නායි පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.