Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 25 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක් ජයක් අත්කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී ඉනිමේ අවසන් පන්දුවේදී එම ඉලකක්ය පසුකර ගියහ. තරගය ජය ගැනීම සඳහා චෙන්නායි කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 18 ක් රැස්කිරීමට සිදුවූ අතර එම ඕවරය යැවූ බෙන් ස්ටෝක්ස් එහිදී නිපන්දුවක් සහ වයිඞ් පන්දුවක් යැවීම නිසා රාජස්ථාන් කණ්ඩායම පෙනෙන මානයේ තිබූ ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිළිහී ගියේය.
ජයග්‍රහණයට ලකුණු 9 ක් පසුපසින් සිටියදී, අවසන් ඕවරයේ තෙවැනි පන්දුවේදී චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පිටියෙන් ඉවත් කිරීමට ස්ටෝක්ස් සමත් විය. එහෙත් සිවුවැනි සහ පස්වැනි පන්දු වලට ලකුණු 2 බැගින් ලබාගත් මිචෙන් සෑන්ට්නර් අවසන් පන්දුවට හතරේ සීමාවට ඉහළින් යවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් වන විට චෙන්නායි කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවුදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට රාජස්ථාන් පන්දු යවන්නෝ සමත් වූහ. ඉන් අනතුරුව පිටියේ එක්වූ අම්බටි රයිඩු (57) සහ මහේන්ද්‍ර සිං දෝනි (58) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
එහිදී පන්දු 43 කට මුහුණදුන් දෝනි හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 47 කදී වාර්තා වූ අම්බටි රයිඩුගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කි සමන්විත විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 151 ක් ලබාගත්තේය. රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බෙන් ස්ටොක්ස් පන්දු 26 කදී හතරේ පහරක් සමග ලකුණු 28 ක් ලබා සිටියදී දීපක් චාහර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ශර්දුල් ඨාකුර්ගේ පන්දුවක් හමුවේ අම්බටි රයිඩු අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑමට පෙර ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 10 කින් ලකුණු 23 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රවින්ද්‍ර ජදේජා, දීපක් චාහර් සහ ශර්දුල් ඨාකුර් කඩුලු 2 බැගින් බිඳහෙළමින් රාජස්ථාන් පිතිකරුවන් පීඩනයට පත් කළහ.
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 151
(අජින්ක්‍යා රහනේ 14, ජොස් බට්ලර් 23, ස්ටීවන් ස්මිත් 15, බෙන් ස්ටොක්ස් 28, රියාන් පරාග් 16, ජොෆ්රා ආචර් නොදැවී 13, ශ්‍රෙයාස් ගෝපාල් නොදැවී 19, රවින්ද්‍ර ජදේජා 20/2, දීපක් චාහර් 33/2, ශර්දුල් ඨාකුර් 44/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 155
(අම්බටි රයිඩු 57, මහේන්ද්‍ර සිං දෝනි 58, බෙන් ස්ටොක්ස් 39/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.