Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ධනුෂ්කගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී

ධනුෂ්කගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩක ධණුෂ්ක ගුණතිලකගේ මිතුරකු විසින් කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ හෝටලයකදී නෝර්වීජියානු කාන්තාවක අපයෝජනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.  පසුගිය සෙනසුරාදා (21 වැනිදා) කොල්ලුපිටියේ පිහිටි හෝටලයකදී තමන්ව අපයෝජනය කළ බවට 23 හැවිරිදි නෝර්වීජියානු කාන්තාවක් පසුගිය ඉරිදා (22 වැනිදා) කොල්ලුපිටිය පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ධනුෂ්ක ගුණතිලකයේ මිතුරකු යැයි කියන 26 හැවිරිදි මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු වුවද බ්‍රිතාන්‍ය ගමන් බලපත් හිමියෙකි. කෙසේ වෙතත් මෙම අපචාර සිද්ධියට ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිසිම සම්බන්ධයක් නොමැති බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙම සිද්ධියට මුහුණදුන් කාන්තාව සහ ඇගේ යෙහෙළිය නෝර්වීජියානු ජාතිකයින් වන අතර ජූලි මස 15 වැනිදා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු සාමාජ ජාල ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සමගින් සම්බන්ධ වී තිබේ.

පරීක්‍ෂණ කරගෙන යාමේදී හෙළිවී ඇත්තේ හෝටලයේ බිල්පත ධනුෂ්ක ගුණතිලක විසින් ගෙවනු ලැබ ඇති බවයි. බන්ධනාගාර ගතව සිටින ධනුෂ්කගේ මිතුරා හෙට (26 වැනිදා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 


අදහස් (0)

ධනුෂ්කගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.