Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ධනුෂ්කට ජාත්‍යන්තර තරග 6 ක තහනමක්

ධනුෂ්කට ජාත්‍යන්තර තරග 6 ක තහනමක්

ශනුක අරවින්ද - 2018 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පවතින ගිවිසුම සහ ක්‍රීඩක විනය නීති මාලාව කඩ කිරීම හේතුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6 ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එම තරග 6 න් 3 ක් ඔහුට තහනම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නවතම විනය නීති මාලාව කඩ කිරීම හේතුවෙනි. 2017 වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා ඔහුට එරෙහිව පනවා තිබූ වසරක අත්හිටවූ තරග තහනම ක්‍රියාත්මක වෙමින් තිබියදී නැවතත් වරදකරුවකු බවට පත්වීම හේතුවෙන් ඉතිරි තරග 3 තහනම් කර තිබේ.

මේ හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයන්ට හිමිවන ගෙවීම් කිසිවක් ධනුෂ්කට ලබා නොදෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක සඳහන් වේ.

එම ටෙස්ට් තරගය අතරතුර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව ධනුෂ්කට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසරක ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. එහෙත් තරගය නිමා වීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් කරන ලද විධිමත් පරීක්ෂණයක ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් එම තහනම ජාත්‍යන්තර තරග 6 ක් දක්වා ලිහිල් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව මෙරටදී පැවැත්වෙන එක්දින තරග 5 ට සහ විස්සයි20 තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ධනුෂ්කට අහිමිවනු ඇත. එහෙත් එළබෙන සැප්තැම්බර් මස 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහුට යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව හිමිව තිබේ. 

පසුගිය සෙනසුරාදා (21 වැනිදා) කොල්ලුපිටියේ පිහිටි පිහිටි සුපිරි හෝටලයකදී ධණුෂ්ක ගුණතිලකගේ මිතුරකු තමන්ව අපයෝජනය කළ බවට 23 හැවිරිදි නෝර්වීජියානු කාන්තාවක් පසුගිය ඉරිදා (22 වැනිදා) කොල්ලුපිටිය පොලීසියේදී පැමිණිල්ලක් ගොනුකර තිබිණ.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය ඉකුත්දා ධනුෂ්කගෙන් ප්‍රකාශයක්ද ලබාගත් අතර ඉන් අනතුරුව මෙම අපචාර සිද්ධියට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පොලීසිය ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට මුහුණදුන් කාන්තාව සහ ඇගේ යෙහෙළිය ජූලි මස 15 වැනිදා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු සාමාජ ජාල ඔස්සේ ධනුෂ්ක සමගින් සම්බන්ධ වී ඇත. එම කාන්තාවන් දෙදනාගේ හෝටලයේ බිල්පත ධනුෂ්ක විසින් ගෙවනු ලැබ ඇති බවද පොලිසිය කළ වැඩිදුර පරීක්‍ෂණවලදී හෙළිවිය.

- 036


අදහස් (0)

ධනුෂ්කට ජාත්‍යන්තර තරග 6 ක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.