Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ධනුෂ්කට වසරක තරග තහනමක්

ධනුෂ්කට වසරක තරග තහනමක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විනය කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසරක අන්තර්ජාතික තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව පැවැත්වෙන විනය පරීක්‍ෂණයකින් අනතුරුව මෙම තහනම ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙමින් පවතින අතරවාරයේදී ක්‍රීඩකයන් අනුගමනය කළයුතු විනය නීති මාලාව බිඳ දැමීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක මෙම තහනමට මුහුණ දීමට සිදුව තිබේ.

ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන සිටී. එහිදී නියමිත වේලාවට පෙර කාමරයට නොපැමිණීමත් සිය මිතුරකු කාමරයට ගෙන්වා ගැනීමත් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ල වී ඇති චෝදනා වෙයි.

මූලික පරීක්‍ෂණයකින් අනතුරුව මෙම තහනම පනවා ඇතත් ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්‍ෂණයක් කිරීමට නියමිතය. එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන ධනුෂ්කගේ තරග මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රඳවාගනු ලබනු ඇත.

 


අදහස් (0)

ධනුෂ්කට වසරක තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.