Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ධර්මසේන ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය දිනාගනී

ධර්මසේන ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය දිනාගනී

Nisanka Sandeepani - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් විනිසුරු කුමාර ධර්මසේන මහතා වසරේ (2018) ක්‍රිකට් විනිසුරුවරයාට හිමිවන ‘ඬේවිඞ් ෂෙපර්ඞ්’ සම්මානය දිනා ගෙන තිබේ. ධර්මසේන මහතා ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු වන අතර 1996 දී ලෝක කුසලන දිනාගත් කණ්ඩායමේද සාමාජිකයෙකි. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඩුල්ල නියෝජනය කරන ධර්මසේන මහතා මීට පෙර 2012 වසරේදීද විශිෂ්ටතම ක්‍රිකට් විනිසුරුවරයා ලෙස සම්මාන ලැබීය. 

“මෙම වසර මම ගොඩක් තෘප්තිමත් වසරක්, ඒ වගේම මෙම සම්මාන ලැබීම විශාල ගෞරවයක් වගේම වරප්‍රසාදයක්...මේ සම්මානය මට ලැබුණේ මම ඒක මුලින් දිනාගත්තාට වසර 6 කට පස්සේ. මේ මගින් මා ඉතාමත් ඇලුම් කරන කාර්යය තව තවත් හොඳින් කරන්න මට ධෛර්යය සපයනවා”

“මා හැමදාමත් ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ඇලුම් කළා. ක්‍රීඩකයෙක් වගේම විනිසුරුවරයෙක් වශයෙනුත්. ඉතින් මා ඉදිරියේදී මටම අභියෝග කරමින් තව තවත් ඉදිරියට යන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මේ වෙලාවේදී මගේ බිරිඳට වගේම දරුවන්ටත් බොහෝ ස්තුති කරන්න මම කැමතියි. අය (බිරිඳ) හැම වෙලාවෙම මට ශක්තියක් වුණා වගේම මාව හොඳින් තේරුම් ගත්තා.”

“විනිසුරු දිවියට මට මඟ පෙන්වූ, මගේ උපදේශක, පීටර් මැනුවෙල් මහතාත් අමතක කළ නොහැකියි. ඒ වගේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනෙකුත් උපදේශකවරුන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අයටත් මා ස්තුතිවන්ත වෙනවා......ඔවුන් නොසිටින්න මට මේ තරම් දුරක් එන්න වෙන්නේ නෑ”යයිද කුමාර් ධර්මසේන මහතා පැවසීය. 

 

- 048


අදහස් (0)

ධර්මසේන ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.