Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ධවාන් දිල්ලි පිලට ජය ගෙනෙයි

ධවාන් දිල්ලි පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශීකර් ධවාන්ගේ (නොදැවී 97) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර කොල්කටාහිදී අද (12 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට දිල්ලි පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි පිල ඕවර 18.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ශීකර් ධවාන් පන්දු 63 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කිරීමට සමත්විය. ධවාන්ට අනගි සහයක් ලබාදුන් රිෂාබ් පාන්ට් පන්දු 31 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 46 ක් රැස්කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 178 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් ආරම්භක පිතිකරු ශුබ්මාන් ගිල් පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් කොල්කටා පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය.

සුපුරුදු පිතිහරඹයේ නියැලුණු ඇන්ඩි්‍ර රසල් පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් කොල්කටා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

ක්‍රිස් මොරිස්, කගිසෝ රබාඩා සහ කීමා පෝල් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය ලැබූ දිල්ලි කණ්ඩායමේ නායක ශ්‍රියාස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 178
(ශුබ්මාන් ගිල් 65, ඇන්ඩ්‍රි රසල් 45, ක්‍රිස් මොරිස් 38/2, කගිසෝ රබාඩා 42/2, කීමා පෝල් 46/2)

දිල්ලි කැපිටල් - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 180
(ශීකර් ධවාන් නොදැවී 97, රිෂාබ පාන්ට් 46


අදහස් (0)

ධවාන් දිල්ලි පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.