Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නිපුන් ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වයට

නිපුන් ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වයට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන යොවුන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය සඳහා වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජය පත්කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි රවිඳු රෂාන්, සඳුන් මෙන්ඩිස්, එම්.සී. ප්‍රේමදාස සහ නවීන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේදී සිය ස්ථාන අහිමිවී ඇත. ඔවුන් වෙනුවට ප්‍රවීන් නිමේෂ්, දිලුම් සුදීර, තවීෂ අභිෂේක් සහ දිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා යොවුන් සංචිතයට කැඳවා සිටිති.

ශ්‍රී ලංකා 19 න් පහළ පිල සහ ඕස්ට්‍රේලියානු 19 න් පහළ පිල අතර පළමු යොවුන් එක්දින තරගය හෙට (3 වැනිදා) බොරැල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරග 5 වැනිදා සහ 7 වැනිදා සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර තුන්දින තරගය 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර, සොනාල් දිනූෂ, අෂේන් ඩැනියල්, රොහාන් සංජය, ප්‍රවීන් නිමේෂ්, අවිෂ්ක තරිඳු, දිලුම් සුදීර, කවිෂ්ක ලක්ෂාන්, චමිඳු විජේසිංහ, තවීෂ අභිෂේක්, දිල්ෂාන් මධුෂංක, නවෝද් පරණවිතාන, මොහොමඞ් ශමාෂ් සහ රවීන් ද සිල්වා

 


අදහස් (0)

නිපුන් ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.