Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය නිමා කරමින් පැවැති අවසන් විස්සයි-20 තරගයත් පරාජය වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා කීවේ කුමන කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරය කළද ඔවුන්ට ඉගෙන ගැනීමට දෙයක් තිබෙන බවයි.
අන්තර්ජාතික තරගයකින් පසුව සිරිතක් වශයෙන් පැවැත්වෙන පුවත් පත් සාකච්ඡාවට පැමිණි පුහුණුකරුවා ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම සම්බන්ධයෙන් දිගින් දිගටම නිදහසට කරුණු කියා සිටියේය.
“හොඳම ක්‍රීඩකයින් එහි යැවිය යුතු බවත් මම හිතනවා. වැඩ කිරීමේදී මානසිකව හෝ ශාරීරිකව දියුණු කරගත් යුත්තේ කුමක්ද යන්න ඔවුන් දැන් දන්නවා” යැයි පැවසූ නික් පොතාස් මහතා....
“මම හිතනවා ඒක විතරයි හොදට කළේ. ඔබලාට බලන්න පුළුවන් වුනා හොඳ තරගකාරීත්වයක්”
“පළමු විස්සයි20 තරගයේදී අපිට හොඳට අවසන් කරන්න ලැබුනේ නෑ. දෙවැනි තරගයේදී මායාකාරී ඉනිම් දෙකක් බලන්න ලැබුණා. ඒක හඹායෑම දුෂ්කර වුනා. නමුත් හොඳ ඉනිම් දෙකක් නිසා අපට හොඳ උත්සහයක් දරන්න හැකිවුනා. අපි මෙහිදි නිසැකයෙන්ම උත්සහ කළා.” යයි ද කීවේය.
ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේදී කළ සංචාරය අවසන් වීමෙන් පසුවද නික් පොතාස් මහතා කීවේත් මෙවැනිම කතාවකි. එහෙත් ඉන්දීය සංචාරය ආරම්භ වීමට පෙර ඔහු කියා සිටියේ ලෝකයේ අංක 1 කණ්ඩායම සමග මව්බිමේදී තරග වැදීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ පන්නරයක් ලබාගත් බවත් ඉන්දීය සංචාරයේදී එය ඉතා ප්‍රයෝජනවත් විය හැකි බවත්ය.
තරගාවලිය අවසන් වීමෙන් පසුවත් පුහුණුකරුවා කියන්නේ ඉන්දීය පිලෙන් ඉගෙන ගන්නට දේ තිබෙන බවයි.
“ඔවුන් සියලුම අංශ ආරක්ෂා කරගත්තා. ඔවුන්ට තණකොළ සහිත තණතීරූවක් දුන්නොත් ඊට අනුගත වෙමින් ඔවුන් පිතිහරඹ ලැයිස්තුව හදා ගන්නවා. තණකොළ රහිත තණතීරූවක් දුන්නත් සියලුම අංශ ඔවුන් විසින් ආරක්ෂා කර ගන්නවා.... රවී ශාස්ත්‍රිගේ සම්මුඛ සාකච්ඡාවකදි මම දැක්කා ඔහු කියනවා ඔවුන් යන්නේ පන්දුවට පහර දෙන්න කියලා එක හරියටම හරි. ඉන්දිය පිතිකරුවන් ලකුණු රැස්කරනවා නම් දකුණු අප්‍රිකානුවන්ට සිද්ධ වෙනවා ඒක නවත්තන්න ක්‍රමයක්” යැයිද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව යන පුහුණුකරුවා පැවසීය.
“එක්දින තරග වලදී ඔවුන් විශිෂ්ට කණ්ඩායමක්. ඔවුන් ගොඩක් වෙනස්කම් කරන්නේ නෑ”
“මහේන්ද්‍ර සිං දෝනි ගොඩක් අවස්ථා වලදී අවසානය දක්වාම කණ්ඩායම රැගෙන එනවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සමගින් එක්වී ඉදිරි අනාගතය දෙස බලමින් කණ්ඩායම ගොඩනැගීමට ඔවුන් උත්සහ ගන්නවා” යයි කී පොතාස් මහතා....
“ඔවුන් ගොඩක් හොඳ කණ්ඩායමක් වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න හොඳ කණ්ඩායමක්. ඔවුන්ගෙන් අපේ ක්‍රීඩකයින්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්” යැයිද පැවසීය.
නික් පොතාස් මහතා පුහුණුකරුවා වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභගි වූ එක්දින තරග 18 කින් ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි. එක්දින තරග 15 ක් පරාජය වී තිබේ. පොතාස් මහතා පුහුණුකරුවා වීමෙන් පසුව සහභාගි වූ විස්සයි-20 තරග හතම පරාජය වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.