Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නිදහස් කුසලානයෙන් කෝටි 94 ක ලාභයක්

නිදහස් කුසලානයෙන් කෝටි 94 ක ලාභයක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික තරග සැලැස්මට පරිබාහිරව සංවිධානය කරන ලද ‘නිදහස් කුසලාන’ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී රුපියල් කෝටි 94 ක් හෙවත් මිලියන 940 ක් ලාභයක් ලැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී සුමතිපාල මහතා ඒ බව හෙළිදරව් කළේය.

ඉන්දියාව සහ බංග්ලාදේශයද සහභාගි වූ නිදහස් කුසලාන තරගාවලියේදී ආදායම් සම්බන්ධයෙන් සාකච්ඡා මෙහෙයවන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වූ සමාගමකි. ඔවුන් විසින් එය කරන ලද්දේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ලීගයද ඉලක්ක කරමිනි.

විදේශීය ක්‍රීඩකයන්ගේද සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ලීග් විස්සයි-20 තරගාවලියේදී විශාල ආදායමක් උපයාගත හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළකරයි.

“මේ තරගාවලියේදී අප ලබාගත් ශූද්ධ ආදායම මිලියන 940 ක්. සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 1.38 ක්” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක සටහන් විය.

“සම්පූර්ණ ආදායමෙන් රුපියල් බිලියන 1.26 ක් පමණ උපයාගෙන ඇත්තේ තරගාවලියේ මාධ්‍ය අයිතිවාසිකම් සහ අනුග්‍රාහක අයිතිවාසිකම් විකිණීමෙනි. ඉතිරි මුදල ශ්‍රී ලංකාවේ වෙළෙඳපොලින් උපයාගෙන ඇති අතර ප්‍රවේශපත් විකිණීමෙන් ලද ආදායම රුපියල් කෝටි 8 ක් පමණ වෙයි” යයිද එම නිවේදනයේ සටහන් විය.

මෙම නිවේදනයට අනුව මෙම ආදායමෙන් 90 ක් ප්‍රමාණයක් තරගාවලිය ආරම්භ වීමට පෙරම ලබාගෙන තිබේ.

“ක්‍රීඩාවේ වඩාත් හොඳ තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා අප ආයෝජන කළොත් අපට ඉදිරියේදී මේ ක්‍රීඩාව මීටත් වඩා මිලකට විකුණන්න පුළුවන් වෙයි. අපේ අරමුණ වෙන්නේ ඒ ඒ අංශ සඳහා හොඳම පුද්ගලයන් යෙදවීමයි”

“මේ තත්ත්වය සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත්වෙලා ඉන්නවා” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් සුමතිපාල මහතා පැවසීය.

 


අදහස් (0)

නිදහස් කුසලානයෙන් කෝටි 94 ක ලාභයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.