Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව ඩුබායිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (3 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටියේය. පළමු දිනය නිමාවට පත්වන විට බී.ජේ. වොට්ලින් ලකුණු 42 ක්ද, විලියම් සමර්විල් ලකුණු 12 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
මුලු ලකුණු සංඛ්‍යාව 24 ක් වන විට නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4 ක් ලබා සිටි ටොම් ලේතම් පිටියෙන් ඉවත් කිරීමට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඞ් සමත් විය.
එතැන් පටන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක කේන් විලියම්සන් (89) සහ ජීත් රාවල් (45) සමත් වූහ. එහෙත් පිට පිට යවන ලද පන්දු 2 කදී ජීත් රාවල් මෙන්ම ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි රොස් ටේලර්ද දවාගැනීමට යසීර් ෂා සමත් වූයේ ලකුණු 70 කට කඩුලු 3 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම අසීරු තත්වයකට ඇද දමමිනි.
ලකුණු පුවරුවට තවත් ලකුණු 2 ක් එක්වන විට හෙන්රි නිකලස්ද එක් ලකුණකට දැවී ගියේ යසීර් ෂාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනි. දක්ෂ පිතිහරඹයක නිතර වූ විලියම්සන් හතරේ පහර 7 ක් සමගින් සිය 28 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
බී.ජේ. වොට්ලින් සමග එක්ව නවසීලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද විලියම්සන් සමත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 179 ක්ව තිබියදී හසන් අලීගේ පන්දුවක් හමුවේ අසාද් ෂෆීක් අතට උඩ පන්දුවක් දෙමින් විලියම්සන් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ බිලාල් අසීෆ්, කොලින් ඩී’ග්‍රෑන්ඞ්හෝම්ගේ ඉනිම ලකුණු 20 කටද, ටිම් සවුතිගේ ඉනිම ලකුණු 2 කටද සීමා කරමින් නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 209 කට කඩුලු 7 ක් බවට පත්කළේය.
නවසීලන්ත පළමු ඉනිම - කඩුලු 7 කට 229
(ජීත් රාවල් 45, කේන් විලියම්සන් 89, බී.ජේ. වොට්ලින් නොදැවී 42, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 20, යසීර් ෂා 62/3, බිලාල් අසීෆ් 57/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.