Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය කණ්ඩායම නම්කරයි

නවසීලන්තය කණ්ඩායම නම්කරයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැයි 30 වැනිදා ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන  කණ්ඩායම අතුරින් පළමුවෙන්ම සිය කණ්ඩායම නම් කිරීමට නවසීලන්තය අද (3 වැනිදා) පියවර ගත්තේය. නම්කර කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ලෝක කුසලාන සංචිතයේ නායකත්වය කේන් විලියම්සන්ට හිමිවී තිබේ.

සියලුදෙනා පුදුමයට පත්කරමින් එක්දින වරම් හිමිකරගෙන නොමැති තෝමස් බ්ලන්ඩල් අතිරේක කඩුළු රකින්නකු වශයෙන් නවසීලන්ත සංචිතයට එක්කිරීමට තේරීම් කමිටුව පියවරගෙන ඇත.

ලෝක කුසලාන තරගාවලි හයකදී අවසන් පූර්ව වටයෙන් ඉවත්වූ නවසීලන්තය අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඕස්ටේ්‍රලියාව හමුවේ පරාජය විය. එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව තුන්වැනි ස්ථානයේ පසුවන නවසීලන්තය එංගලන්තයට සහ ඉන්දියාවට පසුපසින් සිටී.

ටොම් ලේතම්ගේ සහයක කඩුළු රකින්නා ලෙස තෝමස් බ්ලැන්ඩල්ට පෙර ටිම් සීෆර්ට් තෝරාගෙන සිටියද පසුගිය මාසයේදී දේශීය තරගාවලියේදී ඇගිල්ලක් තුවාල කරගැනීම හේතුවෙන් ඔහුව සංචිතයෙන් ඉවත්කිරීමට සිදුවූ පුහුණුකරු ගැරී ස්ටීඞ් පැවසීය. බ්ලැන්ඩල් ටෙස්ට් වරම් හිමිකරගෙන සිටින නමුත් ඔහු නවසීලන්ත කණ්ඩායමට ඇතුළත් වන්නේ ටොම් ලේතම්ට ක්‍රීඩාකිරීමට නොහැකි වුවහොත් පමණි.

මිචෙල් සැන්ටර් නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන අතර ටොඞ් ඇස්ට්ල් අභිබවා දෙවැනි දඟපන්දු යවන්නා ලෙස සංචිතයට එක්වීමට ඉෂ් සෝදි සමත්විය. වේගපන්දු බලඇණිය ශක්තිමත් කරමින් ටිම් සවුති, ටේ‍රන්ට් බෝල්ට්, ලොකී ෆර්ගසන් සහ මැතිව් හෙන්රි කටයුතු කරන අතර ජේම්ස් නීෂම් සහ කොලින් ඩි‘ග්‍රෑන්ඩෝම් තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස සංචිතයට එක්ව සිටිති.

කොලින් මුන්රෝ ආරම්භක පිතිකරු තනතුරෙන් පහත හෙළීම හේතුවෙන් ජේෂ්ඨ ක්‍රීඩක මාටින් ගප්ටිල් සමගින් නවසීලන්ත ඉනිම ආරම්භ කිරීමේ අවස්ථාව හෙන්රි නිකෝල්ස්ට හිමිවී ඇත. කෙසේ වෙතත් පිතිකරු බලඇණිය ශක්තිමත් කිරීමට මුන්රෝ එක්වනු ඇත.

සිවුවැනි ලෝක කුසලානයට සහභාගීවන ජේෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළ වන නායක කේන් විලියම්සන් සහ රොස් ටේලර් පිතිකරු බලඇණිය ශක්තිමත් කරති.

විලියම්සන්, ටේලර් සහ ගප්ටිල් තිදෙනා සහභාගි වූ එක්දින තරග සංඛ්‍යාවේ එකතුව ගත්කළ තරග 526 ක අත්දැකීම් ඔවුන් තිදෙනා තුළ ඇත.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගන්නවාද නැද්ද යන්න පිළිබඳව ගප්ටිල් සහ ටේලර් තවමත් සිතමින් සිටිති.

ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තයේ පළමු තරගය ශ්‍රී ලංකාවට එරෙහිව කාර්ඩීෆ්හිදී ජුනී 1 වැනිදා පැවැත්වේ.


නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොම් බ්ලැන්ඩල්, ටේ‍රන්ට් බෝල්ට්, කොලින් ඩි’ග්‍රෑන්ඩෝම්, ලොකී ෆර්ගසන්, මාටින් ගප්ටිල්, මැතිව් හෙන්රි, ටොම් ලේතම්, කොලින් මුන්රෝ, ජේම්ස් නීෂාම්, හෙන්රි නිකොල්ස්, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝදි, ටිම් සවුති සහ රොස් ටේලර්.

 


අදහස් (0)

නවසීලන්තය කණ්ඩායම නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.