Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය ලකුණු 18 ක් පසුපසින්

නවසීලන්තය ලකුණු 18 ක් පසුපසින්

Nisanka Sandeepani - 2018 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ෂෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (17 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 56 ක් ලබා සිටියේය. 

දෙවැනි දියය සඳහා තරගය නතර කරන විට ජීත් රාවල් ලකුණු 26 ක්ද, කේන් විලියම්සන් ලකුණු 27 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව නවසීලන්ත දෙවැනි ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 56 කි. 

නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටොම් ලේතම් මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළබා දැවී ගියේ හසන් අලීගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි. 

පළමු දිනය වූ පෙරේදා (16 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 59 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායම ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 171 ක් එක්කර ගත්හ. එහිදී සිය අටවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට බාබර් අසාම් සමත් වූයේ හතරේ පහර 5 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 54 කට කඩුලු 4 ක් බිඳදැමූවේ බාබර් අසාම්ගේ කඩුල්ලත් සමගිනි. පාකිස්තාන පිතිකරුවන් අසරණ කිරීම සඳහා බෝල්ට්ට අනගි සහායක් දුන් කොලින් ඩි’ ග්‍රෑන්ඞ්හෝම් සහ අජාස් පටේල් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. 

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 153 
(කේන් විලියම්සන් 63, හෙන්රි නිකලස් 28, යසීර් ෂා 54/3, හරිස් සොහෙල් 11/2, මොහොමඞ් අබ්බාස් 13/2, හසන් අලී 38/2) 

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 227 
(මොහොමඞ් හෆීස් 20, හරිස් සොහෙල් 22, හාරිස් සොහේල් 38, අසාද් ෂෆීක් 43, බාබර් අසාම් 62, ටේ‍රන්ට් බෝල්ට් 54/4, කොලින් ඩි’ ග්‍රෑන්ඞ්හෝම් 30/2, අජාස් පටේල් 64/2) 

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 56 
(ජීත් රාවල් නොදැවී 26, කේන් විලියම්සන් නොදැවී 27) 

-036 


අදහස් (0)

නවසීලන්තය ලකුණු 18 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.