Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී අද (14 වැනිදා) පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේදී ශී‍්‍ර ලංකා බලාපොරොත්තු දියකර දැමූ ඩැනියෙල් විටෝරි සහ ටේරන්ට් බෝල්ට් දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ශී‍්‍ර ලංකාව පරදවා ලකුණු 98 ක දැවැන්ත ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
බෝල්ට් සහ විටෝරි එක්ව ඉනිමේ අඩක් නිමාවීමටත් පෙර ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් සිවු දෙනා ආපසු කී‍්‍රඩාගාරයට යැවූහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශී‍්‍ර ලංකා ඉනිමේ 25 වැනි ඕවරය වන විටත් තරගයේ උණුසුම නිවී ගිය අතර එය ඒක පාර්ශ්වික තරගයක් විය.
නවසීලන්ත පිල හමුවේ ලකුණු 332 ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 46.1 ක් අවසානයේදී ලකුණු 233 කට දැවී ගියේය. ඉනිමේ 30 වැනි ඕවරය නිමා වීමටත් මත්තෙන් ටේරන්ට් බෝල්ට් සහ විටෝරි දෙදෙනාම සිය ඕවර 10 අවසන් කර තිබුණු අතර නවසීලන්ත නායකයාට තිබුණේ තරගය නිමාවන්නේ කීවැනි ඕවරයේදීද යන්න පිළිබඳ සාංකාවක් පමණි.
වරෙක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 124 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම බෝල්ට් සහ විටෝරි දෙදෙනාගේ පන්දු යැවීම නිසා, ඕවර 3 ක් ඇතුළත කඩුලූ 4 කට 129 ක් දක්වා ඇද වැටී තිබිණ. එතැන් සිට තරගය ගොඩගැනීමට නායක ඇන්ජලෝ මැතිව්ස් උත්සාහ කළ නමුත් 32 වැනි ඕවරයේදී දිමුත් කරුණාරත්න (14) සහ ජීවන් මෙන්ඩිස් (4) දැවී යාමත් සමගම මැතිව්ස් පිටියේ හුදෙකළා විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල සාර්ථක පිතිහරඹයක යෙදෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලූ 6 දැවී ලකුණු 331 ක් ලබා ගත්තේය. තරගයේ 40 වැනි ඕවරය නිමාවේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 229 ක් ලබා නවසීලන්ත කණ්ඩායම අවසන් ඕවර 10 දී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 102 ක් උදුරා ගත්තේ හයවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ ලකුණු 73 ක සම්බන්ධතාවක් සමගිනි.
කෝරි ඇන්ඩසන් සහ ලූක් රොන්කි දෙදෙනා පන්දු 34 කට පමණක් මුහුණ දෙමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් උදුරාගත් අතර ඇන්ඩසන් පන්දු 46 කදී ලකුණු 75 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කරමිනි.
ලූක් රොන්කි ලකුණු 16 ක් ලබා සිටියදී ලසිත් මාලිංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය නමුත් කී‍්‍රඩාගාරය දෙසට ඇවිද යමින් සිටි පිතිකරුවා නැවතත් කඩුල්ලට කැඳවීමට විනිසුරුවරයාට සිදුවූයේ එය නිපන්දුවක් වූ බැවිනි. 45 වැනි ඕවරයේ එය සිදුවන විට නවසීලන්ත පිලේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 5 කට 290 ක් ලෙසිනි.
පිතිකරු ප‍්‍රහාරක ඕවර 5 දී නවසීලන්ත පිලට ලබාගත හැකිවූයේ ලකුණු 33 ක් පමණක් වුවත් එම පන්දු 30 දී කඩුලූ අහිමි කර නොගත් නවසීලන්ත පිතිකරුවෝ 40 වැනි ඕවරයෙන් පසුව එහි උපරිම ප‍්‍රයෝජන ලබාගත්හ.
මුහුණ දුන් පළමු පන්දුවේදීම තිළිණ කළ උඩපන්දුව ශී‍්‍ර ලංකා කඩුලූ රකින්නා විසින් බිම දැමීම නිසා ලද අවස්ථාවෙන් අනගි ප‍්‍රයෝජන ගත් කේන් විලියම්සන් පන්දු 65 කින් ලකුණු 57 ක් ලබාගත්තේය. දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට උඩපන්දු රැකීමක් හේතුවෙන් විලියම්සන් ආපසු කී‍්‍රඩාගාරයට යන විට ඔහුගෙන් අපේක්‍ෂිත සේවය ඉටුවී තිබිණ.
මැකලම් දැවී යාමෙන් පසුව ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාළ වූ නමුත් ගප්ටිල් සහ විලියම්සන් දෙදෙනා එක්ව ලකුණු සංඛ්‍යාව 136 දක්වා ඉහළ දැමූ අතර සුරංග ලක්මාල්ගේම තවත් පන්දුවකට ගප්ටිල් විසින් දෙන ලද උඩපන්දුවක් කුමාර් සංගක්කාර විසින් සිය දකුණු පසට පනිමින් ඉතා දක්‍ෂ අයුරින් රැකගන්නා ලදි.
එහෙත් විලියම්සන්ගේ උඩපන්දුව සංගක්කාර අතින් ගිළිහී යාමත් 43 වැනි ඕවරයේදී ලකුණු 43 ක් ලබා සිටි ඇන්ඩසන්ගේ උඩපන්දුව ජීවන් මෙන්ඩිස් අතින් ගිළිහී යාමත් බලවත් පාඩුවක් විය.
කඩුලූ රකින්නාට අත් ආවරණ දෙකක් ඇති බැවින් ඔහුගේ දෑත් දැඩි සීතලෙන් ආරක්‍ෂා වන නමුත් සෙල්සියස් අංශක 14 ක් ආසන්නයේ පිටියේ සිටින සෙසු පන්දු රකින්නන්ට පන්දු රැුකීම ඉතාමත් අසීරුය. එවන් තත්ත්වයකදී මැකලම්ගේ ඉනිම නිමා කිරීමට ජීවන් මෙන්ඩිස් රැකගත් උඩපන්දුව ඉතාමත් අගනා එකකි.
මැකලම් දැවී යාමෙන් පසුව යැවුණු ඕවර 4.1 දී නවසීලන්ත පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 16 ක් පමණි.
රංගන හේරත් හමුවේ හයේ පහරක් ගැසීමට උත්සාහ කළ මැකලම් දැවී ගියේ හතරේ සීමාව ආසන්නයේ සිටම ජීවන් මෙන්ඩිස් විසින් රැුකගන්නා ලද විශිෂ්ට උඩපන්දුවකිනි. එතරම් උස කී‍්‍රඩකයකුු නොවන නමුත් ජීවන් එම උඩපන්දුව රැක නොගත්තා නම් එය හතරේ සීමාවෙන් එපිට පතිත වීමටත් එමගින් නවසීලන්ත පිලට තවත් ලකුණු 6 ක් එක්වීමටත් පහසුවෙන්ම ඉඩ තිබිණ. පන්දු 49 කට පමණක් මුහුණ දුන් මැකලම් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කළේය.
පළමු ඕවර 10 දී ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අමතක නොවන ප‍්‍රහාරයකට ලක්කළ බ්‍රෙන්ඩන් මැකලම් සහ මාටින් ගප්ටිල් දෙදෙනා සිත්සේ ලකුණු ලබාගනිමින් ශීතලේ වෙව්ලමින් සිටි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වඩාත් අපහසුතාවට පත්කළහ.
10 වැනි ඕවරය නිමා වන විට පන්දු 28 කට පමණක් මුහුණ දී තිබූ නවසීලන්ත නායකයා හතරේ පහර 8 ක් සහ හයේ පහරක්ද සමගින් නොදැවී ලකුණු 45 ක් ලබා සිටි අතර ගප්ටිල් ලකුණු 26 ක් ලබා සිටියේ පන්දු 34 කිනි. ලසිත් මාලිංගගේ සිව්වැනි ඕවරය සෙල්ලමකට ගත් මැකලම්, එම ඕවරයේදී පිට පිට හතරේ පහර දෙකක් සහ දැවැන්ත හයේ පහරක්ද සමගින් ලකුණු 23 ක් උදුරාගත්තේ මාලිංගගේ පන්දු යැවීම නතර කරන ලෙස ඇන්ජලෝ මැතිව්ස්ට බල කරමිනි.
දින කිහිපයක් පුරා පැවැති දැඩි හිරු රශ්මිය හමාර කරමින් අද උදෑසන සිටම දැඩි ශීතලකින් ක‍්‍රයිස්ට්චර්ච් නුවර වෙළී ගිය අතර අද තරගයට වර්ෂාවෙන් බාධා පැමිණෙන බවට කාලගුණ අනාවැකි කියැවී තිබිණ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම, කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පන්දු යැවීම තෝරා ගත්තේ ඩක්වර්ත් ලූවිස් න්‍යාය හමුවේ තත්ත්වය පාලනය කරගැනීමේ බලාපොරොත්තුවක්ද ඇතිවය.
තරගයට වර්ෂාවෙන් බාධාවක් නොවීය. කාලගුණ අනාවැකි කියන්නන්ට මෙන්ම ශී‍්‍ර ලංකා නායකයාටද වැරදිණ. එවන් කාලගුණික තත්ත්වයක් යටතේ කාසියේ වාසිය දිනාගත්තා නම් තමන් වුවද පන්දු යැවීම තෝරා ගන්නා බව කී නවසීලන්ත නායක බ්‍රෙන්ඩන මැකලම් පවා තීරණය වරද්දා ගත් නමුත් අවසානයේ තරගය ජයගත්තේය.
ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.