Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නසීර් ජම්ෂෙඞ්ට වසර 10 ක තහනමක්

නසීර් ජම්ෂෙඞ්ට වසර 10 ක තහනමක්

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක නසීර් ජම්ෂෙඞ්ට වසර 10 ක ක්‍රිකට් තහනමක් පැනවීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 2017 වසරේ පැවැති පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධව පැවැති නඩු විභාගයේදී එය තහවුරුවීම හේතුවෙන් තරග තහනමකට ලක්වීමට නසීර් ජැම්ෂෙඞ්ට සිදුවිය.

ටෙස්ට් තරග 2 ක් සහ එක්දින තරග 48 ක් සඳහා පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ජම්ෂෙඞ් 2017 පෙබරවාරී මාසයේදී පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන නිතී මාලාව උල්ලංඝණය කිරීම හේතුවෙන් දෙසැම්බර් මස පැවැති පරීක්‍ෂණ වලින් පසුව සියළුම ආකාරයේ ක්‍රීඩාවන් සඳහා වසරක තහනමක් පැණවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

නසීර් ජම්ෂෙඞ්ගේ නින්දිත හැසිරීමට මින් පෙර පරීක්‍ෂණ නොපවත්වාම දඩුවම් ලබාදී ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිතී උපදේශක ටෆාසූල් රිස්වී මහතා පැවසීය. විනිශ්චය සභාවක් ඉදිරියේදී පැවැති නඩු විභාගයේදී නසීර් ජම්ෂෙඞ්ට විරුද්ධව පැවැති චෝදනා සියල්ල ඔප්පුවීම හේතුවෙන් නැවතත් ඔහුගේ දඩුවම වැඩිකරමින් වසර 10 ක තහනමක් පැණවූ බව රිස්වී මහතා පැවසීය.

වසර 10 ක තරග තහනම අවසන් වුවද ක්‍රිකට් ක්‍රීඩාවට හෝ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කිසිම දේකට ඔහුට සම්බන්ධවිය නොහැකි බවද රිස්වී මහතා වැඩිදුරටත් පැවසීය.

පළමු පාකිස්ථාන් ප්‍රීමියර් ලීග් තරගාවලි දෙක සඳහා ජැම්ෂෙඞ් සහභාගී නොවූවද පසුගිය වසරේ පැවැති විස්සයි20 තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් විශේෂ කාර්යභාරයක් ඔහු කර ඇත.

මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ සර්ජිල් ඛාන් සහ ඛාලීඞ් ලතීෆ්ට වසර 5 බැගින් තරග තහනමක් හිමිවූ අතර වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන් සහ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඞ් නවාස්ට පිළිවෙලින් මාස 12 ක සහ මාස 2 ක තහනමක් පනවා ඇත.

 


අදහස් (0)

නසීර් ජම්ෂෙඞ්ට වසර 10 ක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.