Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නැඟී එන එක්දින පිලේ නායකත්වය චන්දිමාල්ට

නැඟී එන එක්දින පිලේ නායකත්වය චන්දිමාල්ට

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ නායකයා වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ.  එහි උප නායකයා වශයෙන් ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර තිබේ.

මෙම වසර ආරම්භයේදී බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී අසාර්ථකවීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවූ අසේල ගුණරත්නද ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට නම්කර ඇත. අවසන් වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවැති පුහුණු තරගට ක්‍රීඩාකළ අසේල ගුණරත්නට ලකුණු අතරට ඒමට අවස්ථාවක් හිමිනොවීය.

ටෙස්ට් නායකයා මෙන්ම අවසන් වරට බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී වැඩ බලන නායකයා වශයෙන් කටයුතු කළ දිනේෂ් චන්දිමාල්, ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අමතරව දසුන් ශානක සහ සදීර සමරවික්‍රම යන ටෙස්ට් ක්‍රීඩකයන්ද ශ්‍රී ලංකා නැඟීඑන එක්දින සංචිතයට නම්කර ඇත. අසිත ප්‍රනාන්දු, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ, ෂෙහාන් මධුසංඛ සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ද එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර තරගයන්ට සහභාගීවූවෝ වෙති.

ශ්‍රී ලංකා නැඟීඑන එක්දින සංචිතයඃ

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), දසුන් ශානක, සදීර සමරවික්‍රම, ෂෙහාන් මධුසංඛ, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ, බිනුර ප්‍රනාන්දු, සමිමු අෂාන්, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියල් සහ නිෂාන් පීරිස්.

අතිරේක ක්‍රීඩකයෝඃ
නිසල තාරක, ඕෂද ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න

 

තරග කාළසටහන

පළමු තරගය - අගෝස්තු 9 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

දෙවැනි තරගය - අගෝස්තු 11 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

තෙවැනි තරගය - අගෝස්තු 14 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

නැඟී එන එක්දින පිලේ නායකත්වය චන්දිමාල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.