Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නැඟීඑන පිලට ජාතික කණ්ඩායමෙන් 8 ක්

නැඟීඑන පිලට ජාතික කණ්ඩායමෙන් 8 ක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිලට එරෙහිව මේ මස 9 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කර ඇතැයි කියන ශ්‍රී ලංකා නැඟීඑන පිලට ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් අට දෙනකු ඇතුළත්කර ඇති බව වාර්තා වේ.

එම කණ්ඩායමට ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් සහ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඇතුළත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කිරීම හාස්‍ය දනවන්නකි.

දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම සහ දසුන් ශානක යන ටෙස්ට් ක්‍රීඩකයන්ද, අසිත ප්‍රනාන්දු, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ සහ ෂෙහාන් මධුසංඛ යන එක්දින ක්‍රීඩකයන් ද, මෙම සංචිතයට ඇතුළත්ව සිටිති. බිනුර ප්‍රනාන්දු විස්සයි20 ජාත්‍යන්තර තරගයකට සහභාගි වී තිබේ.

මෙම ක්‍රීඩකයන් අතරින් අසිත ප්‍රනාන්දු, අමිල අපෝන්සු, ෂෙහාන් මධුසංඛ සහ බිනුර ප්‍රනාන්දු තරුණ ක්‍රීඩකයන් වීම එහි නැඟීඑන කණ්ඩායමට ඇතුළත් කිරීමේ එතරම් ප්‍රශ්නයක් නොමැත.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) පස්වරුව දක්වා නිලවශයෙන් නිවේදනය කර නොතිබුණි.  

දකුණු අප්‍රිකානු නැඟීඑන පිලට එරට ජාතික කණ්ඩායමට නියෝජනය කළ කිසිඳු ක්‍රීඩකයකු ඇතුළත්ව නොමැති අතර එහි වයසින් වැඩිම ක්‍රීඩකයාගේ වයස අවුරුදු 25 කි.

දකුණු අප්‍රිකානු නැඟීඑන පිලට එරෙහිව සිවුදින තරගාවලියේදී ශ්‍රී ලංකා නැඟීඑන පිලට කෞෂාල් සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, ජෙෆ්රි වැන්ඩසේ සහ නිසල තාරක වැනි ක්‍රීඩකයන් ඇතුළත්කර තිබුණි.   
මෙම තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංණයේදී මේ මස 9 වැනිදා පැවැත්වීමට නියමිතය.


අනුමත කිරීමට නියමිත ශ්‍රී ලංකා නැඟීඑන එක්දින කණ්ඩායම
දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, දසුන් ශානක, සමිමු අෂාන්, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, නිෂාන් පීරිස්, ෂෙහාන් මධුසංඛ, ජෙහාන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩසේ සහ බිනුර ප්‍රනාන්දු
අතිරේක ක්‍රීඩකයෝ: නිසල තාරක, ඕෂද ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න

 


අදහස් (0)

නැඟීඑන පිලට ජාතික කණ්ඩායමෙන් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.