Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නෙදර්ලන්තය - බංග්ලාදේශය ප‍්‍රධාන තරගාවලියට එයි

නෙදර්ලන්තය - බංග්ලාදේශය ප‍්‍රධාන තරගාවලියට එයි

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විස්සයි: 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘බී’ කාණ්ඩයේ සිල්හිට් ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති අවසන් තරගයේදී නෙදර්ලන්තය කඩුලූ 6 කින් අයර්ලන්තය පරාජය කරමින් ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

බංග්ලාදේශය ‘ඒ’ කාණ්ඩයෙන් ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (20) සමත් විය.

නෙදර්ලන්තය ලැබූ අති විශිෂ්ට ජයග‍්‍රහණය නිසා ටෙස්ට් රටක් වන සිම්බාබ්වේට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ප‍්‍රධාන තරගාවලිය කණ්ඩායම් පහ බැගින් වන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර අංක 01 කාණ්ඩයට ශ්‍රී ලංකාව, දකුණු අප‍්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ නෙදර්ලන්තය ද, අංක 02 කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය,  ඕස්ටේ‍්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය ඇතුළත්ව සිටියි.

නෙදර්ලන්ත පිතිකරුවෝ ලකුණු 190 දැවැන්ත ඉලක්කය  ඕවර 13.5 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

නෙදර්ලන්ත ආරම්භක පිතිකරු ස්ටීපන් මයිබුර්ග් පන්දු 23 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 63 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කළේය.


අයර්ලන්ත පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 189 (විලියම් පෝටර්ෆීල්ඞ් 47, එඞ් ජෝයි 28, ඇන්ඩෘ පොයිටර් 57, කෙවින්  ඕබ‍්‍රයන් නොදැවී 42, අසන් මලික් 26/2)

නෙදර්ලන්තය  ඕවර 13.5 කදී කඩුලූ 4 ට 193 (පීටර් බොර්රෙන් 31, ස්ටීපන් මයිබුර්ග් 63, වෙස්ලි බර්රෙසි නොදැවී 40, ටිම් කූපර් 45, කෙවින්  ඕබ‍්‍රයන් 29/2)

- 048


අදහස් (0)

නෙදර්ලන්තය - බංග්ලාදේශය ප‍්‍රධාන තරගාවලියට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.