Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නෙදර්ලන්තයට අපි ළග තුරුම්පු තියෙනවා - චන්දිමාල්

නෙදර්ලන්තයට අපි ළග තුරුම්පු තියෙනවා - චන්දිමාල්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

 

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගය සඳහා හැකි උපරිම ශක්තිය යොදවන බවත් නෙදර්ලන්ත කී‍්‍රඩකයන් සඳහා තමන් සතුව උපක‍්‍රම තිබෙන බවත් ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි. බංග්ලාදේශයේ චිතගොන් නුවරදී අද (23 වැනිදා) සවස පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ශී‍්‍ර ලංකා නායකයා මෙසේ පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය බංග්ලාදේශයේ සහූර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී හෙට (24 වැනිදා) ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ වේ. මෙය ශී‍්‍ර ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන පළමු වැනි විස්සයි:20 තරගයයි.

පසුගිය සිකුරාදා (21 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී සිම්බාබ්වේ සහ අයර්ලන්ත කණ්ඩායම් පරාජය කරමින් නෙදර්ලන්ත පිල ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

”හෙට අපේ හොඳම කණ්ඩායම තරගයට යොදවනවා. අප කිසිම ආකාරයකින් නෙදර්ලන්ත පිල අවතක්සේරු කරන්නේ නෑ. නෙදර්ලන්තය ඉතාමත් හොඳ විස්සයි:20 කණ්ඩායමක් බව අප හැම දෙනාම දන්නවා” යයි ශී‍්‍ර ලංකා නායකයා චිතගොන්හිදී පැවසීය.

”මේ වගේ කි‍්‍රකට් කී‍්‍රඩාවකදී  ඕනෑම කණ්ඩායමකට තමන්ගේ හොඳ දවසේදී හොඳින් කී‍්‍රඩා කළාම විශාල පෙරළි කළ හැකියි. ඒත් ඔවුන් සම්බන්ධයෙන් අපි ළග තුරුම්පු තියෙනවා..”

”අපි ළග හොඳ පිතිකරුවන් වගේම තත්ත්වයට ගැලපෙන පන්දු යවන්නෝත් ඉන්නවා...දකුණු අපි‍්‍රකාව සමග තරගයේදී කළ හොඳ දේවල් හෙට තරගයටත් අරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා” යයිද චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් නෙදර්ලන්තයට එරෙහි තරගය සඳහා කණ්ඩායමේ වෙනසක් කළ යුතුද නැතිද යන්න ශී‍්‍ර ලංකා පිල අද සවස් වන තුරුත් තීරණය කර නොතිබිණ. එහි තවත් පැතිකඩක් වන්නේ නෙදර්ලන්තය වැනි නොදන්නා ප‍්‍රතිවාදීන් පිරිසක් සමග ගනුදෙනු කිරීම අවදානම් සහගතද වන හෙයිනි.

මෙවන් තීරණාත්මක තරගාවලියකදී එවන් අවදානමක් ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සූදානම් වේද නැද්ද යන්න විමසිලිමත් වීම වටී.

දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුවක් වැදීම නිසා තරමක අපහසුතාවකට  පත් කුසල් පෙරේරා දැන් යහපත් තත්ත්වයට පැමිණ සිටින බවත් නෙදර්ලන්තයට එරෙහි තරගයේදී කුසල් පෙරේරා තමන්ගේ හොඳම තුරුම්පුවක් බවත් චන්දිමාල් ඊයේ සවස පැවසීය.

”ඔහු තරගය වෙනස් කරන කී‍්‍රඩකයා විය හැකියි. ඒ වගේම ඔහු  හුගාක් ප‍්‍රයෝජනවත් කී‍්‍රඩකයෙක්. අපි ඔහුගැන විශාල බලාපොරොත්තුවකින් ඉන්නේ” යයි චන්දිමාල් පැවසීය.

තිලකරත්න ඩිල්ෂාන්ද සුවය ලබා සිටින අතර අවශ්‍ය වුවහොත් පන්දු යැවීමට වුවත් සූදානමින් සිටින බවත් පවසන ශී‍්‍ර ලංකා නායකයා ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් අසාර්ථක වීම සම්බන්ධයෙන් කම්පා නොවේ.

”ඒ වගේ දේවල් වෙනවා තමයි. ඒත් කුසලූයි ඇන්ජලෝයි දෙන්නා අප වෙනුවෙන් ලකුණු ලබාගත්තා” යයි පැවසූ චන්දිමාල් චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේ තණතීරුව තමන් මීට කළින් කී‍්‍රඩා කළ තණතීරුවට වඩා බොහෝ වෙනස් බවත් පැවසීය.

”ඒකේ තරමක් තණකොළ තිබුණා තමයි. ඒත් එයින් වේග පන්දු යවන්නන්ට ඒ තරම් සහයෝගයක් ලැබුණේ නෑ. පන්දුව තරමක් පරණ වෙනකොට එය වඩාත් මන්දගාමී වුණා” යයිද චන්දිමාල් පැවසීය.

අයර්ලන්තය සමග පැවැති තරගයට පොරතුව නෙදර්ලන්ත පිල සිටියේ හැකි ඉක්මනින් ගෙදර යන අදහසිනි. ප‍්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන්ට තිබූ අවස්ථාව ඒ තරමටම සියුම් විය. තරගය ආරම්භ වීමෙන් පසුව අයර්ලන්ත කණ්ඩායම ලකුණු 189 ක් ලබාගැනීම නිසා ඔවුන්ගේ බලාපොරොත්තු තවදුරටත් සිහින් වූයේ ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නම්  ඕවර 14 කදී ලකුණු 190 ක් ලබාගත යුතු වූ බැවිනි.

සියල්ල කණපිට හැරී තිබියදී ‘තවත් නැතිවෙන්න දෙයක් නෑනේ’ යන ආකල්පයේ පිහිටා ඉලක්කය හඹා යාමට ගත් නෙදර්ලන්ත පිතිකරුවෝ  ඕවර 13.5 කදී ලකුණු 193 ක් ලබාගනිමින් ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත්හ.

”විස්සයි:20 කී‍්‍රඩාවේදි අපට නැතිවෙන්න දෙයක් නෑ. ඒ වගේ තත්ත්වයකදී අප ඉතාමත් භයංකාරයි.....අපේ කණ්ඩායම සතුව ඉතාමත් ප‍්‍රචණ්ඩකාරී පිතිකරුවන්  කිහිප දෙනකු ඉන්නවා. ඔවුන් එක්කලා මොනවා හරි දෙයක් කරන්න තමයි බලාපොරොත්තුව” යයිද පීටර් බෝරන් අද සවස චිතගොන්හිදී පැවසීය.


ශී‍්‍ර ලංකා සංචිතය
කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ ලසිත් මාලිංග, සීකුගේ ප‍්‍රසන්න, රංගන හේරත්, ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල්


නෙදර්ලන්ත සංචිතය

පීටර් බෝරන් (නායක), වෙස්ලි බරෙසි, මුඩාසර් බුකාරි, බෙන් කූපර්, ටොම් කූපර්, ටොම් හෙග්ල්මන්, අශාන් මලික්, විවියන් කින්මා, ස්ටීවන් මයිබ්‍රෝ, මයිකල් රිපන්, පීටර් සීලර්, මයිකල් ස්වාර්ට්, එරික් ශ්වාසෙන්ස්කි, ලොගාන් වැන් බීක් සහ ටිම් වැන්ඩර් ගෝටන්


අදහස් (9)

නෙදර්ලන්තයට අපි ළග තුරුම්පු තියෙනවා - චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.