Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව චන්දිගාර්ත්හිදී ඊයේ (10 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගය කඩුලු 4 කින් ජයගත් ඕස්ට්‍රේලියාව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සමකර ගැනීමටද සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 359 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 47.5 කදී කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. පීටර් හැන්ඞ්ස්කොම්බ්ගේ (117) ශතකයත් උස්මාන් කවාජා (91) සහ ඇෂ්ටන් ටර්නර් (නොදැවී 84) අර්ධ ශතකත් හමුවේ සාර්ථකව තරගය අවසන් කිරීමට ඕස්ටේ්‍රලියානුවෝ සමත්වූහ.
පීටර් හැන්ඞ්ස්කොම්බ් පන්දු 105 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 117 ක් රැස්කිරීමට සමත්වූ අතර උස්මාන් කවාජා පන්දු 99 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 91 ක් රැස්කිරීමට සමත්විය.
සිවුවැනි කඩුල්ල ලෙස ග්ලෙන් මැක්ස්වෙල් දැවීයාමත් සමගින් පිටියට පිවිසි ඇෂ්ටන් ටර්නර් වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් පන්දු 43 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ඇෂ්ටන් ටර්නර් සහ ඇලෙක්ස් කේරී එක්ව හයවැනි කඩුල්ල සඳහා පන්දු 39 කදී ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවි ලකුණු 358 ක් රැස්කිරීමට සමත්විය.
වේගවත් ආරම්භයක් ලබාගත් ශීකර් ධවාන් පන්දු 97 කදී සිය 16 වැනි ශතකය සම්පූර්ණ කිරීමට සමත්වූ අතර පැට් කමින්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට ලකුණු 143 ක් රැස්කර සිටියේය. පන්දු 115 කට මුහුණදුන් ධවාන්ගේ ඉනිම හයේ පහර 3 ක් සහ හතරේ පහර 18 කින් අලංකාර විය.
ඉනිම ආරම්භකළ ශීකර් ධවාන් සහ රෝහිත් ශර්මා එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 186 කදී ලකුණු 193 ක සම්බන්ධතාවයක ගොඩනගමින් ඉන්දියාව ලකුණු 350 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
ශතකයට ලකුණු 5 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් සිය 23 වැනි එක්දින ශතකය රෝහිත් ශර්මාගෙන් ගිලිහී ගියේය. පන්දු 92 කට මුහුණදුන් ශර්මා හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 95 ක් රැස්කිරීමට සමත්විය.
රිෂාබ් පාන්ට් පන්දු 24 කදී ලකුණු 36 ක් සහ විජේ ශංකර් පන්දු 15 කදී ලකුණු 26 ක් රැස්කරමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වුහ.
ඉන්දී පිතිකරුවන් හමුවේ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පහරපිට පහර කෑවද පැට් කමින්ස් ලකුණු 70 කට කඩුලු 5 ක් සහ ජේ රිචඞ්සන් ලකුණු 85 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූහ.
ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 358
(රෝහිත් ශර්මා 95, ශීකර් ධවාන් 143, ලෝකේෂ් රාහුල් 26, රිෂාබ් පාන්ට් 36, විජේ ශංකර් 26, පැට් කමින්ස් 70/5, ජේ රිචඞ්සන් 85/3)
ඕස්ට්‍රේලියාව - ඕවර 47.5 කදී කඩුලු 6 ක් දැවී 359
(උස්මාන් කවාජා 91, පීටර් හැන්ඞ්ස්කොම්බ් 117, ග්ලෙන් මැක්ස්වෙල් 23, ඇෂ්ටන් ටර්නර් නොදැවී 84, ඇලෙක්ස් කේරී 21, ජස්ප්‍රීට් බුම්රා 63/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.