Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 116 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් ඉන්දියාව පිට පිටම තෙවැනි වරටත් ටෙස්ට් ශූරතාවට හිමි සෙංකෝලය දිනාගැනීමට සමත් විය. එම ශූරතාව හිමිකරගැනීම වෙනුවෙන් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යග මුදලක් හිමිවිය. ප්‍රසාද ලකුණු 108 ක් ලබාගත් නවසිලන්තය එහි දෙවැනි ස්ථානයට පත් විය.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් සහ එංගලන්තයට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 4-1 ක් ලෙස පැරදුණු ඉන්දියාව, ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති එකම ටෙස්ට් තරගය ජයගැනීමට සමත් විය.
එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගත් ඉන්දියාව, විරාට් කෝලිගේ නායකත්වය යටතේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඔවුන්ගේ රටේදීම තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගනිමින් ඵෛතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.
නැවත වතාවක් ටෙස්ට් ශූරතාවට හිමි සෙංකෝලය තමන් සතුව රඳවා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් තමා ඇතුළු කණ්ඩායම ආඩම්බරයට පත්වන බව කෝලි පැවසීය. සිය කණ්ඩායම සියළුම ආකාරයේ තරග වලදී දක්ෂතා දැක්වූ බවත්, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ඒමට එය අමතර ජවයක් වූ බවත් කෝලි වැඩිදුරටත් පැවසීය.
“අපේ කණ්ඩායම ගොඩක් ගැඹුරටම ගිහින් තියෙනවා. මේ වසර අවසානයේදී ආරම්භවන අයි.සි.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේදීත් හොඳ ස්ථානයකට පැමිණිමට අපට හැකිවෙතැයි මට විශ්වාසයක් තිබෙනවා.” යැයි එහිදී ඔහු පවසා සිටියේය.
නවසීලන්තය මෙම වසරේදී තරගාවලි 4 ක් ජයගනිමින් සාර්ථකව අවසන් කළේය. එංගලන්තයට එරෙහිව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයගත් නවසීලන්තය, ඉතා සිත්ගන්නා සුළු ආකාරයෙන් පාකිස්තානයට එරෙහි තරගාවලිය ජයගත්තේය.
නවසීලන්තයේදී පැවැති තවත් ටෙස්ට් තරගාවලි 2 ක් ශ්‍රී ලංකාවට එරෙහිව 1-0 ක් ලෙස සහ බංග්ලාදේශයට එරෙහිව 2-0 ක් ලෙසද ජය ගැනීමට ඔවුහු සමත් වූහ. මෙම වසර තුලදී තම කණ්ඩායම ඉතා මනරම් ආකාරයෙන් දක්ෂතා දැක්වූ බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පැවසීය.
අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී දෙවැනි ස්ථානයට පත්වීම තම කණ්ඩායම ලැබූ මනස්කාන්ත ජයග්‍රහණයක් බවත්, ඒ පිළිබඳව තම කණ්ඩායම ආඩම්බර වන බවත් එහිදී ඔහු පැවසීය. මෙම තත්වයට පැමිණීමට ඉතාමත් මහන්සිවූ බවත්, ඒ සඳහා පිටියට පිවිසෙන 11 දෙනාට අමතරව සංචිතයේ සියලු දෙනාත් සහයක කණ්ඩායමත් උදව් කළ බවද විලියම්සන් වැඩිදුරටත් සඳහන් කළේය.
දකුණු අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී තෙවැනි ස්ථානයේ පසුවන අතර ඕස්ටේ්‍රලියාව සිවුවැනි ස්ථානයත්, එංගලන්තය පස්වැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.