Last Update  :  2025-04-22 16:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිටකොන්දේ ආබාධයෙන් හේරත් නැවත දිවයිනට

පිටකොන්දේ ආබාධයෙන් හේරත් නැවත දිවයිනට

ශනුක අරවින්ද - 2017 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, සිය පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දෙසැම්බර් මස 2 වැනිදා ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි නොවන බව වාර්තා වේ. එම ආබාධ තත්ත්වය හේතුවෙන් හේරත් හෙට දිනයේදී (30 වැනිදා) නැවත දිවයින බලා පැමිණීමට නියමිතය.

හේරත්ගේ ආදේශකයා ලෙස පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර ඔහු තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි කර ගන්නේද පිළිබඳව කණ්ඩායමේ කළමණාකාරීත්වය තවමත් නිශ්චිත ප්‍රකාශයක් කර නොමැත.

හේරත්ගේ හිඩැස පිරවීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු තේරීම වී ඇත්තේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර වුවත්, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම නිසා ඔහුට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමි වී අත.

කොල්කටාහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරු හිමිවීම නිසා ඕවර 8 ක් පමණක් පන්දු යැවූ හේරත්ට, නාග්පූර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඕවර 39 ක් යවමින් දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. එහෙත් පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී පිතිකරුවකු ලෙස වඩාත් සාර්ථක වූ ඔහු එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 67 ක් රැස්කළේය.

ඉන්දියාවට එරෙහිව මෙරටදී පැවැති ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයද පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් හේරත්ට අහිමි විය. එම ආබාධ තත්ත්වයෙන් සුවය ලබා ඔහු නැවතත් ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ වූයේ පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර්හිදී පැවැති ටෙස්ට් තරගාවලියේදීය.

තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති වැන්ඩසේ මේ වන විට එක්දින තරග 11 කදී සහ විස්සයි20 තරග 7 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ. චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින බැවින් තෙවැනි ටෙස්ට් තරගයේදී හේරත්ගේ හිඩැස පිරවීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාගෙන් කාට හිමිවේ දැයි මෙතෙක් නිශ්චය වී නැත.  


අදහස් (0)

පිටකොන්දේ ආබාධයෙන් හේරත් නැවත දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.