Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල් සහ කිංගස් XI පන්ජාබ් කණ්ඩායම් අතර චන්දිගාර්ත්හිදී අද (16 වැනිදා) පැවැති තරගය ලකුණු 12 කින් ජයගැනීමට පන්ජාබ් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170 ක් පමණි.
රාහුල් ත්‍රිපාටී පන්දු 45 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්වූ අතර අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ ස්ටුවර්ට් බිනී පන්දු 11 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස්කළ ජයග්‍රහණයට එය ප්‍රමාණයත් නොවීය.
රවිචන්ද්‍රන් අශ්වින්, මොහොමඞ් ශාමී සහ ආර්ෂ්දීප් සිං කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් රැස්කිරීමට සමත්විය.
අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ලෝකේෂ් රාහුල් ආරම්භයේදී සෙමින් ලකුණු රැස්කළද පසුව ලකුණු රැස්කිරීම වේගවත් කරමින් පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් රැස්කළේය.
ලෝකේෂ් රාහුල් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 51 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඬේවිඞ් වෝනර් දැවීයන විට පන්දු 28 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත්විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ක්‍රිස් ගේල් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් සහ මයන්ක් අගර්වාල් පන්දු 12 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර්‍ර් සමගින් ලකුණු 26 ක් රැස්කිරීමට සමත්වූහ.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජොෆ්රා ආචර් සිය ඕවර 4 ලකුණු 15 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ නායක අජින්ක්‍යා රහනේ පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
කිංගස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 182
(ලෝකේෂ් රාහුල් 52, ක්‍රිස් ගේල් 30, මයන්ක් අගර්වාල් 26, ඬේවිඞ් මිලර් 40, ජොෆ්රා ආචර් 15/3)
රාජස්ථාන් රෝයල් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 170
(රාහුල් ත්‍රිපාටී 50, ජොස් බට්ලර් 23, සංජු සැම්සන් 27, අජින්ක්‍යා රහනේ 26, ස්ටුවර්ට් බිනී නොදැවී 33, රවිචන්ද්‍රන් අශ්වින් 24/2, මොහොමඞ් 46/2, ආර්ෂ්දීප් සිං 43/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.