Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පළමු එක්දින තරගයේ ජය පාකිස්තානයට

පළමු එක්දින තරගයේ ජය පාකිස්තානයට

Nisanka Sandeepani - 2019 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දකුණු අප්‍රිකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත් විය. ඒ අනුව දෙටර අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තාන කණ්ඩායම හැකි විය. ජයග්‍රහණය සඳහා ලකුණු 267 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 5 ක් දැවී පන්දු 5 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ මෙහොමඞ් හෆීස් පන්දු 63 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 71 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහිදී ශඩාබ් ඛාන් (නොදැවී 18) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 44 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් හෆීස් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඉමාම් උල් හක් (86), පළමු කඩුල්ල සඳහා ෆකාර් සමාන් (25) සමග එක්ව ලකුණු 45 ක්ද, දෙවැනි කඩුල්ල සඳහා බාබර් අසාම් (49) සමග එක්ව ලකුණු 94 ක්ද, තෙවැනි කඩුල්ල සඳහා මොහොමඞ් හෆීස් සමග එක්ව ලකුණු 46 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය. 

පන්දු 101 කට මුහුණදුන් ඉමාම්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසීය. පන්දු 23 කදී වාර්තා වූ ෆකාර් සමාන් ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 69 කදී වාර්තා වූ බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 266 ක් ලබාගත් අතර එහිදී ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පන්දු 120 කින් නොදැවී ලකුණු 108 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

රීසා හෙන්ඩි්‍රක්ස් (45) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අම්ලා, ඉන් නොනැවතී රෙසී වැන්ඩර් ඩුසේන් (93) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 171 කදී ලකුණු 155 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ඩුසේන්, ශතකය පෙනී පෙනී දැවීගිය අතර සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කිරීමට ඔහු සමත් විය. පන්දු 67 කදී වාර්තා වූ හෙන්ඩි්‍රක්ස්ගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත විය. 

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 2 ක් දැවී 266 
(හෂීම් අම්ලා නොදැවී 108, රීසා හෙන්ඩි්‍රක්ස් 45, රෙසී වැන්ඩර් ඩුසේන් 93, ඬේවිඞ් මිලර් නොදැවී 16) 

පාකිස්තානය - ඕවර 49.1 කදී කඩුලු 5 ක් දැවී 267 
(ඉමාම් උල්හක් 86, ෆකාර් සමාන් 25, බාබර් අසාම් 49, මොහොමඞ් හෆීස් නොදැවී 71, ශඩාබ් ඛාන් නොදැවී 18, ඩුඈන් ඔලිවර් 73/2) 

-036


අදහස් (0)

පළමු එක්දින තරගයේ ජය පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.