Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවීමට තවත් දින 2 ක් තිබියදීම ඉන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 11 ක් දවාගත් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඩුවෑන් ඔලිවර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දක්ෂ පිතිහරඹකය නිරත වූ හෂීම් නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. ඔහුගේ 40 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් විය.
ආරම්භක පිතිකරු ඩීන් එල්ගා සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අම්ලා සමත් වූ අතර එල්ගාග් 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය.
ශාන් මක්සූද්ගේ පන්දුවක් හමුවේ නායක සර්ෆරාස් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමින් එල්ගා දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
මුලු ලකුණු සංඛ්‍යාව 1 ක්ව තිබියදී සෙසු ආරම්භක පිතිකරුවා වූ ඒඞ්න් මාක්‍රම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට හසන් අලී සමත් වූයේ ඔහු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙරාතුවය. ලකුණු 10 ක් ලබා සිටි තියුනිස් ඩි’බ්‍රයන් දැවී ගියේ යසීර් ෂාගේ පන්දුවක් හමුවේ සර්ෆරාස් අහමඞ්ගේ දක්ෂ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.
නායක ෆෆ් ඩුප්ලෙසිට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ශහීන් අෆ්රිඩි ඉඩක් ලබා නොදුන් අතර හසන් අලී අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට ඩුප්ලෙසි ලකුණු ලබාගැනීම ආරම්භ කර නොතිබිණ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට අම්ලාට සහය දුන් ටෙම්බා බවුමා හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 13 ක් රැස්කළේය.
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 181
(ශාන් මක්සූද් 19, අසාර් අලී 36, බාබර් අසාම් 71, හසන් අලී නොදැවී 21, ඩුඈන් ඔලිවර් 37/6, කගිසෝ රබාඩා 59/3)
දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 223
(ඩීන් එල්ගා 22, තියුනිස් ඩි’බ්‍රයන් 29, ටෙම්බා බවුමා 53, ඬේල් ස්ටේන් 23, ක්වින්ටින් ඩි’කොක් 45, මොහොමඞ් අමීර් 62/4, ශහීන් අෆ්රිඩි 64/4, හසන් අලී 70/2)
පාකිස්තාන දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 181
(ඉමාම් උල් හක් 57, ශාන් මක්සූද් 65, ඩුඈන් ඔලිවර් 59/5, කගිසෝ රබාඩා 47/3, ඬේල් ස්ටේන් 34/2)
දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 151
(ඩීන් එල්ගා 50, හෂීම් අම්ලා නොදැවී 63, ටෙම්බා බවුමා නොදැවී 13)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.