Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ප්‍රියංජන්ගෙන් (නොදැවී 151) විශිෂ්ට ශතකයක්

ප්‍රියංජන්ගෙන් (නොදැවී 151) විශිෂ්ට ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාපීය ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) ආරම්භවූ තරගය පළමු දිනයට අවසන් කරනවිට පන්දුවට පහරදෙමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 382 ක් රැස්කළේය.

ලකුණු 151 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අශාන් ප්‍රියංජන් පන්දු 231 කට මුහුණදෙමින් හතරේ පහර 17 ක් සිය ඉනිමට එක්කර ගත්තේය.

දිමුත් කරුණාරත්න සමගින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 70 ක සම්බන්ධතාවයක්ද හයවැනි කඩුල්ල සදහා මනෝජ් සරත්චන්ද්‍ර සමගින් ලකුණු 98 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අශාන් ප්‍රියංජන් අටවැනි කඩුල්ල සදහා සචිත්‍ර සේනානායක සමගින් නොබිඳුණු ලකුණු 84 ක සම්බන්ධතාවයක්ද පැවැත්විය.

අශාන් ප්‍රියංජන්ට අනගි සහයක් ලබාදුන් දිමුත් කරුණාරත්න (71) සහ මනෝජ් සරත්චන්ද්‍ර (57) අර්ධ ශතක රැස්කරමින් පළමු දිනයේදීම දඹුල්ල කණ්ඩායම ලකුණු 400 සීමාව කරා රැගෙන යාමට සමත්වූහ.

කසුන් රාජිත ලකුණු 59 කට කඩුලු 3 ක් දවාගනිමින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


දඹුල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 382
(දිමුත් කරුණාරත්න 71, අශාන් ප්‍රියංජන් නොදැවී 151, මනෝජ් සරත්චන්ද්‍ර 57, ඉශාන් ජයරත්න 35, සචිත්‍ර සේනානායක නොදැවී 29, කසුන් රාජිත 59/3)

 


අදහස් (0)

ප්‍රියංජන්ගෙන් (නොදැවී 151) විශිෂ්ට ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.