Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ප්‍රතිඵල වෙනස් වූ හේතුව පරතරයයි - ලැබ්රෝයි

ප්‍රතිඵල වෙනස් වූ හේතුව පරතරයයි - ලැබ්රෝයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට හේතුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාව (7) සහ පාකිස්තානය (6) අතර පරතරය අඩුවීම බවත් එක්දින තරගාවලිය පරාජය වීමට හේතුව ශ්‍රී ලංකාව (8) සහ පාකිස්තානය (6) පරතරය වැඩි වීමත් නිසා බව තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා කියයි.

තරගාවලි දෙකේ ප්‍රතිඵල වෙනස්වීමට හේතු  කවරේදැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දුන් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයී මහතා එසේ පැවසීය.

පාකිස්තාන එක්දින කණ්ඩායම සදහා එක්දින විශේෂඥයන් හත්දෙනෙකු කැඳවා තිබු අතර ඔවුන්ගෙන් හතර දෙනෙකු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට සුදුසු තත්වයේ සිටියද ඔවුන් ලෝක කුසලාන තරගාවලිය දක්වා ඔවුන්ව එක්දින තරග සදහා යොදා ගැනීමට තීරණය කර ඇති බව පැවසීය.

“අපිත් දැන් ඒ තත්වයට කණ්ඩායම රැගෙන ඒමට පටන්ගෙන තියෙනවා. ඉදිරියේදී ඒක දැකගත හැකියි” යයිද ලැබ්රෝයි මහතා පැවසීය.  

තේරීම් කම්ටුවක් ලෙස කණ්ඩායම තේරීමේදී නායකයා, පුහුණුකරු සහ ඊට සම්බන්ධ පිරිසගේ අදහස් විමසීමකින් පසුව කණ්ඩායම තේරීමට තීරණය කර ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවකදී තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයී මහතා පැවසිය.

ඉදිරියේදී පැවැත්වෙන සියලු තරග සදහා තෝරාගනු ලබන සියළුම ක්‍රීඩකයින් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගී කළ යුතු බවත් ඉන් සමත්වන ක්‍රීඩකයින් පමණක් තරග සදහා යොදාගත යුතු යයි ක්‍රීඩා ඇමතිවරයා පවසා ඇති බවත් ලැබ්රෝයී මහතා පැවසිය.

ඉදිරියේදී තරගාවලි බොහොමයක් පවතින බැවින් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග සදහා යෝග්‍ය ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන්ව එම ආකෘති සදහා පමණක් යොදාගැනීමට තීරණය කර ඇති බවද හෙතෙම පැවසිය.

තරගාවලි ප්‍රමාණය බැලූවිට ක්‍රීඩකයින්ට ඇති පීඩනය වැඩි බැවින් එක් එක් ආකෘති සදහා පමණක් ක්‍රීඩකයින් යොදා ගැනීම මගින් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මැනවින් පවත්වා ගැනිමට හැකියාව ලැබෙන අතර දස්කම් දැක්විමටද අවස්ථාව හිමිවෙනු ඇති බවද ලැබ්රෝයී මහතා පැවසිය.


අදහස් (1)

ප්‍රතිඵල වෙනස් වූ හේතුව පරතරයයි - ලැබ්රෝයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.