Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 350 ක ඉලක්කයක් කරා යන එංගලන්ත පිල හමුවේ සිහිනයක් බඳු පන්දු යැවීමක නිරත වූ ධම්මික ප්‍රසාද්ගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 57 කට කඩුුලු 5 ක් බිම දමාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලීඞ්ස් නුවර හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (23 වැනිදා) කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් එංගලන්ත පිල අමාරුවේ දැමීය.
දිනය අවසන් වීමට පෙර යවන ලද ඕවර 26.2 දී එංගලන්ත පිලේ ප්‍රබලතම පිතිකරුවන් සිවු දෙනා සහ මුරකරු පිතිකරුවා වූ ලයාම් ප්ල්න්කට්ද දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ධම්මික ප්‍රසාද් ඕවර 6 කදී ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගත් අතර රංගන හේරත් ලකුණු 13 කට කඩුල්ලක් දවාගනිමින් ශ්‍රී ලංකා පිල මෙවන් ප්‍රබල තත්ත්වයකට කැඳවාගෙන ආහ.
අචි විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් මෙම තරගාවලියේ දෙවැනි ශතකය ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් (160) සහ රංගන හේරත් (48) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 149 ක වාර්තාගත සම්බන්ධතාව නිසා තරගයේ වාසිය තමන් වෙත ඇදගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 350 ක අභියෝගයක් එංගලන්ත පිලට බාර කළහ.
අද සවස තේ පානයෙන් මඳ වේලාවකට පසුව ලකුණු 457 ලබා සිටියදී ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවකින් නුවන් ප්‍රදීප් දැවී යාම නිසා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අවසන් විය.
හෙට දිනයේදී ඕවර 90 ක් යැවිය යුතුව තිබෙන අතර එම ඕවර 90 දී එංගලන්ත පිල තරගයෙන් ජයගැනීම සඳහා තවත් ලකුණු 293 ක් ලබාගත යුතුය. නැතහොත් පරාජයෙන් ගැලවීම සඳහා කඩුලු 5 ක් ආරක්ෂා කරගත යුතුය.
තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 8 කට 426 ක් දක්වා ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව ඔසවා තැබූ මැතිව්ස් සහ හේරත් දෙදෙනා ශ්‍රී ලංකා පිලේ වාසිය 318 දක්වා ඉදිරියට ගෙන ගියහ.
අද දිනයේ තේ පානය සහ දිවා ආහාරය අතරතුරදී ලකුණු 115 ක් ලබාගත් මැතිව්ස් සහ හේරත් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ දුවද්දී දැවී යාමකිනි. මුයීන් අලීගේ පන්දු දෙකකට මිඩ් ඕන් කලාපය හරහා පිට පිටම අලංකාර හතරේ පහර දෙකකින් සංග්‍රහ කළ මැතිව්ස් තුන්වැනි පන්දුවටත් එවැනිම පහරක් ගැසීය. ලකුණක් සඳහා හේරත්ට කතාකළ මැතිව්ස් හදිසියේම ආපසු හැරුණ නමුත් ඒ වන විටත් කඩුලු දෙක අතර සෑහෙන දුරක් දිවගොස් සිටි හේරත්ට ආපසු හැරීමට කාලයක් නොතබාම ජෝ රූට්ගේ අතින් මිදුණු පන්දුව පන්දු යවන්නාගේ අන්තයේ මැද ඉන්න සොයා ආවේය.
පුරා හෝරා දෙකකට වැඩි කාලයක් සිය නායකයාට අගනා සහයෙක් දෙමින්, පන්දු 82 කට මුහුණ දුන් හේරත් සිය දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනි පෙනී දැවී යන විට හතරේ පහර 9 කින් සිය ඉනිම සරසා තිබිණ.
මෙම පිතිකරුවන් දෙදෙනා අතර පැවැති ලකුණු 149 ක සම්බන්ධතාව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති ටෙස්ට් තරග වලදී 8 වැනි කඩුල්ල වෙනුවෙන් පවත්වා ඇති හොඳම සම්බන්ධතාව වෙයි. එහි පැරණි වාර්තාව සතුවූයේ 2002 මැන්චෙස්ටර් නුවරදී 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක් එක්කළ ඇලෙක් ස්ටුවර්ට් සහ ඈෂ්ලි ජයිල්ස් දෙදෙනා සතුවය.
අද පෙරවැරුවේදී ලබාගත් දෙවැනි නව පන්දුවෙන් මහේල ජයවර්ධන දවාගැනීමත් සමගම වේගයෙන් තරගයට අවතීර්ණ වූ එංගලන්ත කණ්ඩායම තවත් ඕවර තුනක් ඇතුළතදී දිනේෂ් චන්දිමාල් සහ ධම්මික ප්‍රසාද් පිටියෙන් ඉවත් කරමින් තරගයේ වාසිය තමන් වෙත ඇදගත්හ. එහෙත් සහායක පිතිකරුවන් දැවී යද්දී තම පිල වෙනුවෙන් අභීත සටනක නිරතව වූ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ධෛර්යවත් පිතිහරඹය නිසා අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 311 ක් ලබාගැනිමට ශ්‍රී ලංකා පිල සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා පිල දිවා ආහාරය වන විට කඩුලු 3 ක් අතැතිව, එංගලන්තයට වඩා ලකුණු 203 ක් ඉදිරියෙන් සිටියේය.
පන්දු 127 කට මුහුණ දෙමින් තම කඩුල්ල ආරක්ෂා කරගෙන සිටින මැතව්ස් හතරේ පහර 9 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය. ඉතාමත් සංවර පිතිහරඹයක නිරත වී සිටින මැතිවිස් හයේ පහරක් ගැසීමට උත්සාහ ගත්තේ තම සහායක පිතිකරුවන් දැවී යාම හේතුවෙන් ලකුණු ලබාගැනීමේ සියලු අවස්ථා ප්‍රයෝජනයට ගැනීමේ අටියෙනි.
එහෙත් පිටියට පිවිස ඕවර 3 ක් ගතවීමටත් මත්තෙන්, දිස්නය ඉවත් නොවූ (දෙවැනි නව පන්දුව) පන්දුව හමුවේ හුක් පහරක් ගැසීමට ගිය දිනේෂ් චන්දිමාල් වේග පන්දු යවන ලයාම් ප්ලන්කට්ට නිකරුණේ තම කඩුල්ල පූජා කළේය. චනිද්මාල්ගේ හුක් පහරින් ඉගිළුනු පන්දුව ඩිප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි ගැරී බැලන්ස්ගේ දෑත් අතර සැඟවී ගියේය.
එංගලන්ත නායකයා විසින් දෙවැනි නව පන්දුව ලබාගැනීමට පෙර ඉතිරිව තිබූ ඕවර 7 දී ලකුණු 40 ක් ලබාගත් මහේල ජයවර්ධන (නොදැවී 79) සහ ඇන්ජලෝ මැතිව්ස් තම පිලේ ලකුණු සංඛ්‍යාව 250 සීමාවෙන් එපිටට තල්ලූ කර දැමූහ. එහෙත් දෙවැනි නව පන්දුවෙන් යැවුණු 7 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් මහේල ජයවර්ධනගේ ඉනිම අවසන් කිරීමට ජේම්ස් ඇන්ඩසන්ට හැකිවිය.
මහේල සහ මැතිව්ස් අතර සම්බන්ධතාව ලකුණු 92 ක්ව තිබියදී පිට ඉන්නට යාන්තමින් එපිටින් ඇන්ඩසන්ගේ පන්දුව පතිත විය. පන්දුව හඹාගොස් ඩ්‍රයිව් පහරක් ගැසීමට උත්සාහ කළ මහේලගේ පිත්තේ ගැටුණු පන්දුව කිසිදු අසීරුතාවකින් තොරව රැකගැනීමට මැතිව් ප්‍රයර් සමත් විය.
ඉනිමේ 80 වැනි ඕවරයේදී එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් දෙවැනි නව පන්දුව ලබාගන්නා විට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටි අතර එංගලන්තයට වඩා ලකුණු 146 කින් ඉදිරියෙන් සිටියේය. දිවා ආහාරය වන විට දෙවැනි නව පන්දුවෙන් යවන ලද ඕවර 19 කදී ලකුණු 57 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.
තුන්වැනි දිනය වූ ඊයේ සවස තරගය නතර කරන විට මහේල ජයවර්ධන ලකුණු 55 ක් ලබාසිටි ඇතර මැතිව්ස් ලකුණු 24 ක් ලබා සිටියේය. අද පෙරවරුවේදී, දෙවැනි නව පන්දුව ලබාගැනීමට පෙර යවන ලද ඕවර 7 දී මහේල ජයවර්ධන ලකුණු 19 ක්ද මැතිව්ස් ලකුණු 19 ක් ද ලබාගත්හ.
දෙදෙනාගේ උපක්‍රමය වූයේ නව පන්දුව ලබාගැනීමට පෙර හැකිතරම් ලකුණු ලබාගනිමින් වාසිය වැඩිකරගැනීමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.