Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී ඊයේ (22 වැනිදා) පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 131 ක පහසු ජයක් ලැබූ පාකිස්තාන කණ්ඩායම, දෙරට අතර පැවැති එක්දින තරගාවලියෙන් 5-0 ක පූර්ණ ජයක් අත්කර ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 364 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට ඕවර 50 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 233 ක් පමණි. තරගය නිමාවන විට පීටර් මුර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 44 ක්ද, එල්ටන් චිගම්බූරා හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ මොහොමඞ් නවාස් සහ හසන් අලී කඩුලු 2 ක් බැගින් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම අඩ පණ කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 364 ක් ලබාගත් අතර එහිදී ශතක ලබාගැනීමට ආරම්භ පිතිකරු ඉමාම් උල්හක් (110) සහ බාබර් අසාම් (නොදැවී 106) සමත් වූහ. පන්දු 105 කදී වාර්තා වූ ඉමාම්ගේ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත වූ අතර පන්දු 76 කදී වාර්තා වූ අසාම්ගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය.
ෆකාර් සමාන් (85) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 150 කදී ලකුණු 168 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉමාම්, ඉන් නොනැවතී බාබර් අසාම් (නොදැවී 106) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 83 කට මුහුණදුන් සමාන් හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය අර්ධ ශතකය සැරසීය.
පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 364
(ඉමාම් උල්හක් 110, ෆකාර් සමාන් 85, බාබර් අසාම් නොදැවී 106, ශොයිබ් මලික් 18, අසීෆ් අලී 18)
සිම්බාබ්වේ - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 233
(හැමිල්ටන් මසකඞ්සා 34, ටිනාෂේ කුමුන්හකම්වේ 34, ප්‍රින්ස් මැසවුරේ 39, රයන් මුරේ 47, පීටර් මූර් නොදැවී 44, එල්ටන් චිකම්බූරා නොදැවී 25, මොහොමඞ් නවාස් 47/2, හසන් අලී 55/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.