Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානයට කඩුලු 3 ක ජයක්

පාකිස්තානයට කඩුලු 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර සමගින් පැවැත්වෙන තරග වටයේ පාකිස්තාන සහ ඇෆ්ඝනිස්ථාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවති තරගය කඩුලු 3 කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.

ජයග්‍රහණයට සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය ඕවර 49.3 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

පළමු ඕවරයේ අවසන් පන්දුවේදී පළමු කඩුල්ල ලකුණු රැස්කිරීමට පෙර දැවී ගියද ඉමාම් උල් හක් සහ බාබර් අසාම් එක්ව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 154 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණයට අඩිතාලම දැමූහ.

ඉමාම් උල් හක් පන්දු 104 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළ අතර බාබර් අසාම් පන්දු 94 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 66 ක් රැස් කිරීමට සමත්විය.

අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ශොයිබ් මලික් සමත්විය. පන්දු 43 කදී නොදැවී ලකුණු 51 ක් රැස්කළ මලික්ගේ ඉනිමට හයේ පහරක් සහ හරේ පහර 3 ක් ඇතුළත් විය.

රෂීඞ් ඛාන් කඩුලු 3 ක් සහ මූජීබ් උර් රෙහ්මාන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් රැස්කිරීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ හෂ්මතුල්ලා ශහිඩි පන්දු 118 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කරමින් ඇෆ්ගනිස්ථානය ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

රාමට් ෂා සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හෂ්මතුල්ලා ශහිඩි ඉන් නොනැවතී සිවුවැනි කඩුල්ල සඳහා අස්ගර් ඇෆ්ගන් සමගින් එක්ව තවත් ලකුණු 94 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

හෂ්මතුල්ලා ශහිඩිට අනගි සහයක් ලබාදුන් අස්ගර් ඇෆ්ගන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 56 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 67 ක් රැස්කිරීමට සමත්විය.

මොහොමඞ් නවාස් කඩුලු 3 ක් සහ ශහීන් අෆ්රිඩි කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මොහොමඞ් අමීර්, ශදාබ් ඛාන් සහ ෆහීම් අෂ්රෆී ඉවත්කර හැරිස් සොහෙල්, ශහීන් අෆ්රිඩි සහ මොහොමඞ් නවාස් පාකිස්තාන කණ්ඩායමට කැඳවූ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් සමිඋල්ලා ශෙන්වාරී ඉවත්කර නජිබුල්ලා සඩ්‍රාන් කැඳවීය..

අස්ගර් ඇෆ්ගන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවන අතර සර්ෆාස් අහ්මඞ් පාකිස්තාන කණ්ඩායම මෙහෙයවනු ලබයි.


ඇෆ්ගනිස්ථානය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 257
(මොහොමඞ් ශාසාඞ් 20, රාමට් ෂා 36, හෂ්මතුල්ලා ශහිඩි නොදැවී 97, අස්ගර් ඇෆ්ගන් 67, මොහොමඞ් නවාස් 57/3, ශහීන් අෆ්රිඩි 38/2)
පාකිස්තානය - ඕවර 49.3 කදී කඩුලු 7 ක් දැවී 258
(ඉමාම් උල් හක් 80, බාබර් අසාම් 66, ශොයිබ් මලික් නොදැවී 51, රෂීඞ් ඛාන් 46/3, මූජීබ් උර් රෙහ්මාන් 33/2)

 

 


අදහස් (0)

පාකිස්තානයට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.