Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ෆකාර් සමාන් (94) සහ සර්ෆ්‍රාස් අහ්මඞ්ගේ (94) පිතිහරඹය හමුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායිහිදී ඊයේ (16 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 282 ක් රැස්කිරීමට පාකිස්තානය සමත්විය.
ලකුණු 57 කට කඩුලු 5 ක් දැවී පාකිස්තානය දැඩි අසීරූතාවයට පත්ව සිටියදී ෆකාර් සමාන් සහ සර්ෆ්‍රාස් අහ්මඞ් එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 147 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම ගොඩනැගූහ.
මාර්මස් ලැබස්චේග්නේ පන්දු හමුවේ ලකුණු 94 බැගින් රැස්කළ ෆකාර් සමාන් සහ සර්ෆ්‍රාස් අහ්මඞ් දැවී ගියහ. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගිය ෆකාර් සමාන් පන්දු 198 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට එක්කර ගත් අතර පීටර් සිඞ්ල් අතට උඩපන්දුවක් දෙමින් සර්ෆ්‍රාස් අහ්මඞ් දැවීයන විට පන්දු 128 කට මුහුණදී හතරේ පහර 7 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.
දඟ පන්දු යවන්නන් හමුවේ මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් අසාර්ථකවූ අතර නේතන් ලයන්ගේ පන්දු හමුවේ හරිස් සෙහෙල්, අසාද් ශාෆික් සහ බාබර් අසාම් ලකුණු නොළබාම පිටියෙන් ඉවත්වූහ. නමුත් පසුපෙළ පිතිකරුවන් එක්ව පාකිස්තාන ලකුණු පුවරුව 282 ක දක්වා රැගෙන යාමට සමත්වූහ.
නේතන් ලයන් කඩුලු 4 ක් ද, මාර්මස් ලැබස්චේග්නේ කඩුලු 3 ක් සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 2 ක් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.
ඊයේ පළමු දිනයට තරගය නිමාකරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියාව ලකුණු 20 කට කඩුලු 2 ක් අහිමිකර ගෙන සිටියේය.
උස්මාන් කවාජා සහ ඒරන් ෆින්ච් ඕස්ට්‍රේලියා ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසි අතර මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ සර්ෆ්‍රාස් අහ්මඞ් අතට උඩපන්දුවක් දෙමින් උස්මාන් කවාජා ලකුණු 3 කට දැවී ගියේය.
උස්මාන් කවාජාගේ දැවී යාමෙන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා මුරකරු පිතිකරුවා ලෙස පීටර් සිඞ්ල් පැමිණි අතර දිනයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දෙවැනි කඩුල්ල ලෙස ඔහුව දවාගැනීමට මොහොමඞ් අබ්බාස් සමත්විය.
කඩුලු 8 ක් අතැතිව සිටින ඕස්ට්‍රේලියාව, පාකිස්තානයට වඩා තවත් ලකුණු 262 ක් පසුපසින් සිටින්නේය.
පාකිස්තානය - ඕවර 81 කදී සියලුදෙනා දැවී 282
(ෆකාර් සමාන් 94, සර්ෆ්‍රාස් අහ්මඞ්ගේ 94, යසීර් ෂා 28, නේතන් ලයන් 78/4, මාර්මස් ලැබස්චේග්නේ 45/3, මිචෙල් ස්ටාර්ක් 37/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 7 කදී කඩුලු 2 ක් දැවී 20
(මොහොමඞ් අබ්බාස් 09/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.