Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඩුබායිහිදී දෙවැනි දිනටත් අද (25 වැනිදා) පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 5 කට ලකුණු 418 ක් රැස්කළ පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
පළමු දිනට ඊයේ (24 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 4 ක් දැවී ලකුණු 207 ක් රැස්කර සිටි පාකිස්තාන කණ්ඩායම අද දිනයේදී එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් තවත් ලකුණු 211 ක් ලකුණු පුවරුවට එක්කිරීමට සමත්විය.
පළමු දිනයේදී හැරිස් සොහෙල් ලකුණු 81 ක් සහ බාබර් අසාම් ලකුණු 14 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර අද දිනයේදී ඔවුන් සිය ශතක සම්පූර්ණ කිරීමට සමත්වූහ. පන්දු 421 කට මුහුණදුන් හැරිස් සොහෙල්ගේ 2 වැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 13 ක් ඇතුළත්විය. මංගල ටෙස්ට් ශතකය හිමිකරගත් බාබර් අසාම් පන්දු 263 කට මුහුණදුන් අතර හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 කින් ඔහුගේ ඉනිම අලංකාර විය.
පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 186 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හැරිස් සොහෙල් සහ බාබර් අසාම් පාකිස්තාන ලකුණු පුවරුව 350 න් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
දෙවැනි දිනට අද තරගය අවසන් කරනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 24 ක් රැස්කර සිටියේය. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම තවත් ලකුණු 394 ක් පාකිස්තාන කණ්ඩායමට වඩා පසුපසින් සිටින්නේය.
පාකිස්තාන පළමු ඉනිම - ඕවර 167 කදී කඩුලු 5 ක් දැවී 418
(අසාර් අලී 81, හැරිස් සොහෙල් 147, බාබර් අසාම් නොදැවී 127, සර්ෆ්‍රාස් අහ්මඞ් නොදැවී 30, කොලින් ඩි ග්‍රැන්ඩෝම් 44/2)
නවසීලන්ත පළමු ඉනිම - ඕවර 9 කදී කිසිවකු නොදැවී 24
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.