Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 16 කින් ජයගත් පාකිස්තාන කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමට සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැළවීම සඳහා ලකුණු 328 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් නවසීලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම වෙනුවෙනු රැස්කරගත හැකි වූයේ ලකුණු 213 ක් පමණි. කඩුලු 8 ක් දවාගනිමින් නවසීලන්ත පළමු ඉනිම ලකුණු 90 කට සීමා කිරීමට පුරෝගාමී වූ යෂීර් ෂා, දෙවැනි ඉනිමේදීද කඩුලු 6 ක් දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
තෙවැනි දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ අද (27 වැනිදා) දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 181 ක් රැස්කරගත්හ. එහිදී නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ටොම් ලේතම් (50), රොස් ටේලර් (82) සහ හෙන්රි නිකලස් (77) සමත් වුවද සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ.
සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමත් සමග ආරම්භක පිතිකරු ටොම් ලේතම් දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ හසන් අලීගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමිනි. ඔහුගේ දැවීයෑමත් සමග නවසීලන්ත දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 80 ක සම්බන්ධතාවද නිමාවට පත්විය.
ලේතම්ගේ දැවීයෑමෙන් පසු නවසීලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 52 ක් එක්වන විට රොස් ටේලර්ටද ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවූයේ බිලාල් අසීෆ්ගේ පන්දුවක් හමුවේ යසීර් ෂා අතට උඩපන්දුවක් දීම හේතුවෙනි. නවසීලන්ත කණ්ඩායම ලකුණු 300 කඩයිම තරණය කිරීමත් සමග හෙන්රි නිකලස් දැවී ගියේ හසන් අලීගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි.
නවසීලන්ත දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 42 ක් තුළ බිඳවැටුණ අතර පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට යසීර් ෂා ඉඩක් නොදුන්නේය. එහිදී හසන් අලී ලකුණු 46 කට කඩුලු 3 ක් දවාගනිමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කිරීම සඳහා යසීර් ෂාට අනගි සහායක් දුන්නේය.
පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 418
(අසාර් අලී 81, හැරිස් සොහෙල් 147, බාබර් අසාම් නොදැවී 127, සර්ෆ්‍රාස් අහ්මඞ් නොදැවී 30, කොලින් ඩි’ ග්‍රැන්ඩෝම් 44/2)
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 90
(ජීත් රාවල් 31, ටොම් ලේතම් 22, කේන් විලියම්සන් 28, යසීර් ෂා 41/8)
නවසීලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 312
(ටොම් ලේතම් 50, කේන් විලියම්සන් 30, රොස් ටේලර් 82, හෙන්රි නිකලස් 77, බී.ජේ. වොට්ලින් 27, යසීර් ෂා 143/6, හසන් අලී 46/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.