Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තාන පිල කඩුලූ 4 කට ලකුණු 219

පාකිස්තාන පිල කඩුලූ 4 කට ලකුණු 219

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (22 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 219 ක් ලබා සිටියේය.

දිනය නිමාවන විට නායක මිස්බා උල් හක් (නොදැවී 34) සහ අසාද් ශෆීක් (නොදැවී 9) නොදැවී කඩුල්ලේ රැදීසිටියහ.

පාකිස්තාන පිලේ මුලූ කඩුලූ 2 ලකුණු 7 ක් තුළ බිඳවැටුණ අතර ඉන්පසුව පිටියට පිවිසි අසාර් අලී (53) සහ යුනිස් ඛාන් (106) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සම්බන්ධාතවක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

අසාර් අලීගේ දැවීයාමෙන් අනතුරුව යුනිස් ඛාන් සමග එක්වූ නායක මිස්බා උල් හක්, පාකිස්තාන ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය.

හතරේ පහර 10 කින් සහ දැවැන්ත හයේ පහරකින් යුනිස් ඛාන් සිය ශතකය අලංකාර කළේය.

 ඕස්ටේ‍්‍රලියා පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ජොන්සන්, අද දිනයේ බිඳවැටුණ කඩුලූ 4 න් 3 කටම හිමිකම් කීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිලේ නායක මිස්බා උල් හක් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


පාකිස්තාන පළමු ඉනිම - කඩුලූ 4 ක් දැවී 219
(අසාර් අලී 53, යුනිස් ඛාන් 106, මිස්බා උල් හක් නොදැවී 34, මිචෙල් ජොන්සන් 22/3)


- 036


අදහස් (0)

පාකිස්තාන පිල කඩුලූ 4 කට ලකුණු 219

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.