Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නායක උපුල් තරංග බලවත් උත්සාහයක් ගත් නමුත් අබුඩාබිහි ෂෙයික් සහීඞ් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 48 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 187 ක් පමණි.
මෙම ජයත් සමගින් පාකිස්තානු පිල 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය.
පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් නායක උපුල් තරංග හතරේ පහර 14 ක් සමග නොදැවී ලකුණු 112 ක් ලබා ගත්තේ පන්දු 80 කට මුහුණ දෙමිනි.
ලකුණු 13 ක් ලබා සිටියදී සර්ෆ්‍රාස් අහමඞ් අතින්ද, ලකුණු 14 ක් ලබා සිටියදී ශදාබ් ඛාන් අතින්ද, ලකුණු 20 ක් ලබා සිටියදී බාබර් අසාම් අතින්ද උඩපන්දු තුනක් ගිළිහී යාම නිසා තරංගට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.
ළහිරු තිරිමාන්න (12) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 90 කදී ලකුණු 40 සම්බන්ධතාවක් ගොඩනැගීමට උපුල් තරංග සමත් වුවද, තිරිමාන්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීට ෂොයිබ් මලික් සමත් වීමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ. තිරිමාන්න දැවී යාමට පෙර පන්දුවේදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට 70 ක් ලෙසින් වූ අතර ඒවායින් ලකුණු 37 ක් තරංග සතුවිය.
හඹා යාමට තිබුණේ ලකුණු 220 ක පහසු ඉලක්කයක් වුවත් ශ්‍රී ලංකා පිලට ලැබුණේ භයංකාර ආරම්භයකි. මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට නිරෝෂන් දික්වැල්ල දැවී ගිය අතර තවත් ලකුණු 20 ක් එක්වන විට කුසල් මෙන්ඩිස්ගේ ඉනිමත් නිමා කිරීමට හසන් අලී සමත් වූයේ අහමඞ් ශේෂාඞ්ගේ සහායද ඇතිවය.
තිරිමාන්නගේ දැවී යාමත් සමගින් ලකුණු 23 ක් ඇතුළතදී කඩුලු 5 ක් බිඳ වැටුණ නමුත් නායක තරංගට එක්වූ ජෙෆ්රි වැන්ඩසේ අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක් එක් කිරීමට දායක වූයේය. දෙදෙනාම බලාපොරොත්තු අත් නොහළ බැවින් ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 60 කදී ලකුණු 83 ක් අවශ්‍යව තිබිණ.
නැවතත් හඹා යාම ඇරඹිණ. එතැන් සිට පන්දු 29 කින් ලකුණු 32 ක් ලබාගැනීමට තරංග සහ වැන්ඩසේ සමත් වූවත් ජයටැඹට ලකුණු 51 ක් ඈතින් සිටියදී වැන්ඩසේ දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු දියවී ගියේය.
ලකුණු 79 ක් ඇතුළත පාකිස්තානු පිලේ ප්‍රබලතම පිතිකරුවන් පස්දෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූ නමුත් එතැන් සිට ලකුණු 109 ක් රැස්කරන තුරුම හත්වැනි කඩුල්ල බිමහෙළා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි විය. ඒ හේතුවෙන් පාකිස්තානු කණ්ඩයම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් ලබාගත්තේය.
හයවැනි කඩුල්ලත් ලකුණු 101 දී බිඳ වැටුණ නමුත් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක් එක්කළ බාබර් අසාම් (101) සහ ශදාබ් ඛාන් (නොදැවී 52) පාකිස්තානු ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. ඉනිමේ අවසානය පෙනි පෙනී තිබියදී ඕවර 9 කදී ලකුණු 60 තම කණ්ඩායමට එක් කිරීමට මෙම පිතිකරුවන් දෙදෙනා සමත් වීමෙන් පසුව අවසන් ඕවරයේදී තවත් ලකුණු 9 ක් ලබාගැනීමට පාකිස්තානුවෝ සමත් වූහ.
ආරම්භයේදී පාකිස්තානු පිතිකරුවන් මැනවින් පාලනය කරගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වූ අතර ළහිරු ගමගේ ලකුණු 57 කට කඩුලු 4 ක් දවාගනිමින් සිය හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කළේය. එහෙත් 30 වැනි ඕවරය වන විට ශ්‍රී ලංකා පිල සතුව තිබූ තරගයේ වාසිය ටිකෙන් ටික තමන් වෙත ඇදගත් බාබර් අසාම් සහ ශදාබ් ඛාන් දෙදෙනා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරග වලදී හත්වැනි කඩුල්ල සඳහා පාකිස්තානය වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව පිහිට වූහ.
මෙම ශතකය බාබර් අසාම් පිට පිටම ලබාගත් දෙවැනි ශතකයද වෙයි. ඩුබායිහිදී පැවැති පළමු එක්දින තරගයේදීත් බාබර් අසාම් ශතකයක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඕවර 40 ක් අවසන් වන විට කඩුලු 6 ක් අහිමිකරගෙන සිටි පාකිස්තානු පිල ලබා සිටියේ ලකුණු 150 ක් පමණි. එහෙත් එතැන් සිට යැවුණු ඕවර 10 දී පාකිස්තානු පිතිකරුවෝ ලකුණු 69 ක් ලබාගත්හ.
පළමු පන්දුවේ සිටම පාකිස්තානු පිතිකරුවන් මෙල්ල කරගත් සුරංග ලක්මාල්, ළහිරු ගමගේ සහ තිසර පෙරේරාට කදිම සහයෝගයක් දුන් අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු ලබාගැනීම දුෂ්කර ව්‍යායාමයක් කළහ. බිඳ වැටුණු කඩුලු 9 න් කඩුලු 8 ක්ම බෙදාහදා ගැනීමට වේග පන්දු යවන්නන් සමත් වූ අතර දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් ඕවර 18 කදී පාකිස්තානු පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 74 ක් පමණි. ඒ දෙදෙනාගෙන්ද අකිල ධනංජය පාකිස්තානු පිතිකරුවන්ට සිතාගත නොහැකි පන්දු යැවීමක නිරත විය.
තිසර පෙරේරා යැවූ 20 වැනි ඕවරයේ අවසන් පන්දුවට ඩ්‍රයිව් පහරක් ගැසීමට ගත් උත්සාහයක් වැරදී යාමෙන් පිත්තේ ඇතුළත දාරයේ වැදුන පන්දුව කඩුල්ල වෙත ඇදී ඒම නිසා නායක සෆ්රාස් අහමඩ්ගේ ඉනිම ලකුණු 5 කට සීමා විය. පාකිස්තාන කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පිතිකරු ශොයිබ් මලික් ලකුණු 11 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට තිසර පෙරේරා සමත් වූයේ නිරෝෂන් දික්වැල්ලගේ සහායද ඇතිවය.
ඕවර 9 ක් (පන්දු 54 ක්) නිමා වන තුරුත් ලකුණු 30 ක් පමණක් ලබා සිටි පාකිස්තානු පිලේ ලකුණු වේගය වැඩිකිරීමට උත්සාහ කළ මොහොමඞ් හෆීස් ළහිරු ගමගේ එවූ පන්දුවක් හතරේ සීමාවට ඉහළින් යැවූවද ඊළඟ පන්දුවේදී කඩුලු රකින්නා අතට උඩපන්දුවක් දී දැවී ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.