Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය යළිත් විස්සයි20 පෙරමුණට

පාකිස්තානය යළිත් විස්සයි20 පෙරමුණට

Nisanka Sandeepani - 2018 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව විස්සයි20 කණ්ඩායම් අතර පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 126 ක් ලබා සිටින පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටියි. ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ නවසීලන්තය, සිය රට තුළදී පැවැති තුන් කොන් තරගාවලියේදී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය හමුවේ ලද පරාජයන් හමුවේ ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයට ඇද වැටීමත් සමග පාකිස්තානයට එහි පෙරමුණට පැමිණීමට හැකිව තිබේ. 

එම තුන් කොන් තරගාවලියේදී නවසීලන්තයට සහ එංගලන්තයට එරෙහිව පිට පිටම ජයග්‍රහණ 5 ක් අත්කර ගැනීමට සමත් වීමත් සමග ඕස්ටේ්‍රලියානු කණ්ඩායමද ප්‍රසාද ලකුණු 126 ක් ලබාගැනීමට සමත් විය. එහෙත් පාකිස්ථානයට වඩා ලකුණු 0.19 ක් පසුපසින් සිටීම නිසා ඕස්ටේ්‍රලියාවට ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ රැදී සිටීමට සිදුව තිබේ. 

මේ වන විට ප්‍රසාද ලකුණු 122 ක් ලබා සිටින ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරගයද ජයගැනීමට ඉන්දියාව සමත් වුවහොත් ඔවුන්ට සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 125 ක් දක්වා ඉහළ දමාගත හැකි වනු ඇත. 

බංග්ලාදේශට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය ජයගැනීමත් සමග ප්‍රසාද ලකුණු 88 ක් ලබා සිටි ශ්‍රී ලංකාව සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 3 ක් එක්කර ගැනීමට සමත් විය. කෙසේ වුවත් ඔවුන් තවමත් රැදී සිටින්නේ ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේය. 

-036


අදහස් (0)

පාකිස්තානය යළිත් විස්සයි20 පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.