Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට අලුතින්ම එක්වූ කණ්ඩායම වන මුල්තාන් සුල්තාන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර තරගාවලියේ ඉදිරි තරග සඳහා පාකිස්තානයට යාමට කැමැත්ත පළකර තිබේ. සංගක්කාර ඇතුළු තම පිල වෙනුවෙන් ක්‍රීඩා කරන අනෙකුත් විදේශීය ක්‍රීඩකයන්ද මෙම සංචාරයට එක්වනු ඇතැයි මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ සභාපති අෂාර් ස්කෝන් මහතා පැවසූ බව පාකිස්තානයේ ‘ජියෝ’ රූපවාහිනී සේවය වාර්තා කරයි.
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙයි. තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග කිහිපයක් ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් තරගය මාර්තු 25 වැනිදා කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
“ඔව්, කුමාර් සංගක්කාර (පාකිස්තානයට පැමිණීමට) එකඟ වෙලායි ඉන්නේ. ඔහු ඒ ගැන මහත් උද්යෝගයෙන් සිටිනවා. ඒ විතරක් නෙමේ, පාකිස්තානය සම්බන්ධයෙන් ඔහුට ලොකු ඉතිහාසයක් තියෙනවා” යයිද අෂාර් ස්කෝන් මහතා ‘ජියෝ’ රූපවාහිනී සේවයට පවසා තිබේ.
කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වීමට පෙර සහභාගි වූ අවසන් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝරයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්විය. වසර 2009 මාර්තු මස 3 වැනිදා සිදුවූ එම ප්‍රහාරය හේතුවෙන් තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තුවාල ලැබූහ. කුමාර් සංගක්කාරද එහිදී සුළු තුවාල ලැබීය.
මෙම ත්‍රස්ත ප්‍රහාරයත් සමගම පාකිස්තානයේදී අන්තර්ජාතික තරග පැවැත්වීම අතහැර දමන ලදි. 2011 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය තිබූ නමුත් ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එම තරගද අවලංගු කර දමන ලදි.
ප්‍රහාරයෙන් වසර හයකට පසුව, 2015 දී, සිම්බාබ්වේ පිල පාකිස්තානයේදී එක්දින තරග කිහිපයකට පමණක් සහභාගි වූ අතර පසුගිය වසර අවසානයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තිබූ විස්සයි-20 තරගයකට සහභාගි වීම ශ්‍රී ලංකා එක්දින පිලේ නායක උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයෝ පිරිසක් ප්‍රතික්ෂේප කළහ. පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කළ නිසාම උපුල් තරංගට ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වයද අහිමි විය.
පසුව තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝරයේදී විස්සයි-20 තරගයට සහභාගි වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය අමුත්තන් පිරිසකට ලැබෙන තරමේ ආරක්‍ෂාවක් හිමිවිය.
කුමාර් සංගක්කාරට අමතරව ඩැරන් බ්‍රාවෝ, තිසර පෙරේරා, ඉම්රාන් තහීර්, රොස් වයිට්ලේ සහ කිරන් පොලාර්ඞ් යන විදේශීය ක්‍රීඩකයෝද පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී මුල්තාන් සුල්තාන් පිල වෙනුවෙන් ක්‍රීඩා කරති. තිසර පෙරේරා තවමත් වැඩියමක් නොකළ නමුත් සෙසු ක්‍රීඩකයන් මුල්තාන් සුල්තාන් පිල වෙනුවෙන් දක්වන දස්කම් සම්බන්ධයෙන්ද කණ්ඩායමේ සභාපතිවරයා ප්‍රසාදය පළකර තිබේ.
මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේද හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතා කටයුතු කරන අතර අධ්‍යක්‍ෂකවරයා වශයෙන් වසිම් අක්රම් මහතා කටයුතු කරයි.
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව මේ වන විට මුල්තාන් සුල්තාන්ස් පිල 3 වැනි ස්ථානයේ සිටී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.