Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජවේරියා ඛාන්ගේ (52) සහ බිස්මා මාරූෆ්ගේ (42) පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද (28 වැනිදා) සමත්විය.
මේ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 125 ක ඉලක්කයක් පාකිස්තාන කණ්ඩායම හඹාගියද පන්දුවට පහරදෙමින් සිටි ක්‍රීඩිකාවන් තණතීරුව මත දිවයෑම හේතුවෙන් දඩුවම් ලකුණු 5 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. එම හේතුවෙන් ජයග්‍රහණය සඳහා පැවැති ලකුණු 125 ක ඉලක්කය ලකුණු 130 ක් දක්වා වැඩිවිය. එසේ වුවද ඕවර 19.5 කදී කඩලු 9 ක් දැවී තරගයේ ජය තහවුරු කරගැනීමට පාකිස්තාන් ක්‍රීඩිකාවෝ සමත්වූහ.
සිවුවැනි විස්සයි20 අර්ධ ශතකය පන්දු 33 කදී ලබාගත් ජවේරියා ඛාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයනවිට පන්දු 36 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 52 ක් රැස්කර සිටියාය. ජවේරියා ඛාන්ට අනගි සහයක් ලබාදුන් බිස්මා මාරූෆ් අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුව දැවී යනවිට පන්දු 31 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 42 ක් ලබාසිටියාය.
තෙවැනි කඩුල්ල සදහා පන්දු 46 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජවේරියා ඛාන් සහ බිස්මා මාරූෆ් තරගයේ ජයග්‍රහණය පාකිස්තාන කණ්ඩායමට පහසුකර දුන්නද දඩුවම් ලකුණු 5 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවීම හේතුවෙන් තරගයේ ස්භාවය තියුණු මුහුණුවරක් ගත්තේය.
බිස්මා මාරූෆ්ගේ සහ නෂ්රා සන්ධූගේ දුවද්දී දැවීයාම් සිදුවූ අවස්ථා දෙකෙහිදීම පන්දු යවන්නියගේ ඇගේ වැදී පිතිකාරියන් බිම වැටීම හේතුවෙන් එම දැවීයාම් සම්බන්ධයෙන් ප්‍රශ්ණකාරී තත්ත්වයක් ඇතිවිය.
ශ්‍රී ලංකා නායිකාව විසින් පන්දු යවන්නියන් හතදෙනෙකු යොදාගත්තද සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකිවූවාය. සුගන්දිකා කුමාරී ඕවර 4 ක් යවමින් ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූ අතර උදේශිකා ප්‍රබෝධනි ඕවර 4 ලකුණු 16 කට සීමාකරමින් කඩුල්ලක් දවාගැනීමට සමත්වූවාය.
අනුෂ්කා සංජීවනීගේ (61) සහ නිලක්ෂි ද සිල්වාගේ (නොදැවී 35) පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 124 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 38 කට කඩුලු 5 ක් දැවී දැඩි අසීරූ අඩියක සිටි ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ අනුෂ්කා සංජීවනී සහ නිලක්ෂි ද සිල්වා හයවැනි කඩුල්ල සදහා පන්දු 68 කදී ලකුණු 84 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.
පන්දු 50 කදී සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලබාගත් අනුෂ්කා සංජීවනී ඉනිම නිමාවන්ට පන්දුවක් තිබියදී දුවද්දී දැවීයාමට හසුව දැවී යන විට ලකුණු 61 ක් රැස්කර සිටියාය. පන්දු 58 කට මුහුණදුන් අනුෂ්කා සංජීවනීගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.
අනුෂ්කා සංජීවනීට අනගි සහයක් ලබාදුන් නිලක්ෂි ද සිල්වා ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 34 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 35 ක් රැස්කළාය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 18 ක් වනවිට පළමු කඩුල්ල ලෙස චමරි අතපත්තු සහ දෙවැනි කඩුල්ල ලෙස හසිනි පෙරේරා දවාගැනීමට සානා මීර් සමත්වූවාය.
ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් ඉමල්කා මෙන්ඩිස් සහ රෙබෙකා වැන්ඩට් දවාගත් ඩයනා බේග් දක්ෂ පන්දු යැවීමක නිරත වූවාය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායමේ නායිකා බිස්මා මාරූෆ් පළමුව පන්දු රැකීමට තීරණය කළාය.
ශ්‍රී ලංකා - පාකිස්තාන කාන්තා වි20 තරගයේ විශේෂ අවස්ථා
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.