Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගයෙන් ලකුණු 38 ක ජයක් ලැබූ පාකිස්තානය දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනිමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75 ක් පමණි. තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ඉමල්කා මෙන්ඩිස් පන්දු 49 කදී හතරේ පහරක් සමග ලකුණු 25 ක් රැස්කළද, ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවාගැනිමට නොහැකි විය.
ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණ කඩුලු 8 න් 4 ක්ම දුවද්දී දැවීයාම් වීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර ඉන් දවාගැනීම් දෙකකටම හිමිකම් කීමට පාකිස්තාන කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකා මුනීබා අලී සමත් වූවාය. සනා මීර් සහ ඩයනා බේග් සෙසු දුවාද්දී දවාගැනීම් දෙකට දායක වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවරය යැවූ ඩයනා බේග් හමුවේ මුහුණදුන් පළමු පන්දුවේදීම නතාලියා පර්වීස් අතට උඩපන්දුවක් දෙමින් නායිකා චමරි අතපත්තු ආපසු ක්‍රීඩාගාරය වෙත ගියේ ලකුණු ලබාගැනීමටත් පෙරාතුවය.
මුලු ලකුණු සංඛයාව 21 ක් වන විට හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක් ලබා සිටි අනුෂ්කා සංජීවනී දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත්ව ගිය අතර එතැන් පටන් ලකුණු 15 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳහෙළීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එහිදී හසිනි පෙරේරා (8), රෙබේකා වැන්ඩොට් (6) සහ ශෂිකලා සිරිවර්ධන (1) දුවද්දී දැවීයාම් වලට ලක්ව පිටියෙන් ඉවත්ව ගියහ. සානා මීර්ගේ පන්දුවක් හමුවේ නයිඩා ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් නිලක්ෂි ද සිල්වා දැවී ගිය අතර ඕෂදී රණසිංහ දැවී ගියේ බිස්මා මරූෆ්ගේ පන්දුවක් හමුවේ නීඩා දාර්ට උඩපන්දුවක් දෙමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ 9 වැනි පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි අමා කාංචනාටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර බිස්මා මරූෆ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට හතරේ පහරක් සමග ඇය ලබා සිටියේ ලකුණු 9 ක් පමණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවි ලකුණු 113 ක් ලබාගත්තේය.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 33 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට පාකිස්තාන ආරම්භක පිතිකාරිණියන් වූ සිද්‍රා අමීන් (23) සහ නයිඩා ඛාන් (19) සමත් වූහ. එහෙත් 7 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී නයිඩා ඛන්ගේ කඩුල්ල බිඳදැමූ සුගන්දිකා කුමාරි එම සම්බන්ධතාවට බිඳදැමුවාය.
ඉන් අනතුරුව පිටියට පිවිසි පාකිස්තාන නායිකා බිස්මා මරූෆ්ටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර ශෂිකලා සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඇය ලබා සිටියේ එක් ලකුණක් පමණි.
ඕවර 12 ක් නිමාවන තෙක් එක් අන්තයක් ආරක්ෂා කරගෙන පන්දුවට පහරදුන් සිද්‍රා අමීන් (23), සුගන්දිකා කුමාරි යැවූ 13 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩිකා රෙබේකා වැන්ඩොට් අතට උඩපන්දුවක් දෙමින් පාකිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියාය.
අමීන්ගේ දැවීයාමෙන් අනතුරුව ජවේරියා ඛාන් (38) සමග එක්වූ නීඩා දාර් (22) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 100 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියාය. පන්දු 38 කදී වාර්තා වූ ජවේරියා ඛාන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 16 කදී වාර්තා වූ නීඩා ඛාන්ගේ ඉනිමද හතරේ පහර 3 කින් සමන්විත විය.
ඉනිමේ 18 වැනි ඕවරය යැවූ ඕෂදී රණසිංහ එම ඕවරයේ සිවුවැනි සහ අවසන් පන්දුවලදී නිඩා සහ ජවේරියා පිටියෙන් ඉවත් කරමින් පාකිස්තාන කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දැමුවාය. එහිදී සුගන්දිකා කුමාරි අතට උඩපන්දුවක් දෙමින් නිඩා දැවී ගිය අතර ජවේරියා දැවී ගියේ නිලක්ෂි ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමිනි.
අවසන් ඕවරයේ 5 වැනි පන්දුවේදී පාකිස්තාන ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස නතාලියා පර්විස් දවාගැනීමට අමා කංචනා සමත් වූ අතර හසිනි පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට නතාලියා ලබා සිටියේ එක් ලකුණක් පමණි.
ශ්‍රී ලංකා - පාකිස්තාන කාන්තා 3වන විස්සයි20 තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.