Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චිහිදී ඊයේ (3 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 8 ක් පහසු ජයක් වාර්තා කළ පාකිස්තානය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ පන්දු 19 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. හුසේන් ටලට් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 31 ක්ද, අසීෆ් අලී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කරමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පාකිස්තාන ආරම්භක පිතිකරු යුගළය වූ ෆකාර් සමාන් (40) සහ බාබර් අසාම් (51) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 61 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 17 කදී වාර්තා වූ ෆකාර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු බාබර්ගේ අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් රැස්කළේය. එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඇන්ඩි්‍ර ෆ්ලෙචර් පන්දු 43 කදී ලකුණු 52 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. මාලන් සැමුවෙල්ස් (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෆ්ලෙචර් සමත් විය.
කොදෙව් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ඩිනේෂ් රැම්ඩින් පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 153
(ඇන්ඩි්‍ර ෆ්ලෙචර් 52, මාලන් සැමුවෙල්ස් 31, ඩිනේෂ් රැම්ඩින් 42, ෂඩාබ් ඛාන් 27/2)
පාකිස්තාන පිල - ඕවර 16.5 කදී කඩුලු 2 ක් දැවී 154
(ෆකාර් සමාන් 40, බාබර් අසාම් 51, හුසේන් ටලට් නොදැවී 31, අසීෆ් අලී නොදැවී 25)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.