Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානු සංචිතයට නවකයෝ 5ක්

පාකිස්තානු සංචිතයට නවකයෝ 5ක්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්ත සහ එංගලන්ත සංචාර සඳහා සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් පාකිස්තානු ටෙස්ට් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර විශේෂත්වය වන්නේ, පාකිස්ථාන සංචිතයට ෆකර් සමාන්, ඉමාම් උල් - හක්, සාද් අලී, ෆහීම් අෂ්රාෆ් සහ උස්මාන් සල්ලපුද්දීන් ඇතුළත්ව සිටීමයි. මේ පස්දෙනාම ටෙස්ට් තරග සඳහා නවකයන් වන අතර ඔවුන්ගෙන් කිසිවෙකු තවමත් ටෙස්ට් වරම් ලබා නැත. එංගලන්තය සමඟින් ටෙස්ට් තරග දෙකකටත්, ඉන් අනතුරුව අයර්ලන්තය සමඟින් ටෙස්ට් තරගයකටත් පාකිස්තානු පිල සහභාගී වීමට නියමිතය. 

අවසන් වරට පාකිස්තානය ටෙස්ට් තරගාවලියකට සහභාගී වී ඇත්තේ 2017 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිවය. පාකිස්ථානය සංචිතයට බිලාල් අසීෆ්, මොහොමඞ් අගර්, ෂාන් මසූද්, වහාබ් රියාස් සහ යසීර් ෂා ඇතුළත්ව නොමැති අතර යසීර් ෂා වෙනුවට සදාබ් චාන් සංචිතයට කැඳවා ඇත. පාකිස්තාන තේරීම් කමිටුව විසින් හකර් සමාන්ට හා ෆහීම් අෂ්රාෆ්ට තවදුරටත් කණ්ඩායමේ ස්ථානයක් දීමට පියවර ගෙන ඇත.

ෆකර් සමාන් එක්දින තරග 14කදී ලකුණු 45.83ක සාමාන්‍යයක් රඳවාගෙන ඇති අතර පසුගියදා අවසන් වූ ශූරයන්ගේ කුසලානයේදී අවසන් තරගයේ ශතකයක් ලබා ගත්තේය. මෙවර සංචිතයට ඉමාබ් උල් - හක් තේරීපත්ව ඇතත් ඔහු තවමත් ක්‍රීඩාකර ඇත්තේ එක්දින තරග හතරක් පමණි.ඉමාම් උල් - හක් ඉන්සමාම් උල්-හක් ගේ ඥාති ප්‍රත්‍රයෙකි. නමුත් අත්දැකීම් බහුල මෙන්ම කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස රැදී සිටි වහාබ් රියාස්ට මෙවර සංචිතයේ ස්ථානයක් හිමිවී නොතිබීම විමතිය දන්වන්නකි. 

පාකිස්තාන සංචිතය

සෆ්රාස් අහමඩි, අසාද් ෂෆික්, අසාර් අලී, හැරිස් අලී, ෆකර් සමාන්, සමී අස්ලාම්, ඉමාම් උල්-හක්, බාබර් අසාම්, උස්මාන් සල්ලහුද්දීන්, සදාබ් ඛාන්, මොහොමඞ් අබස්, රහත් අලි, සාද් අලී සහ ෆහීම් අෂ්රාෆ්

-024 


අදහස් (0)

පාකිස්තානු සංචිතයට නවකයෝ 5ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.