Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාණ්ඩ්‍යා විවේක ගන්වයි

පාණ්ඩ්‍යා විවේක ගන්වයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා විවේකගැන්වීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දිගින් දිගටම තරගවලට සහභාගි වූ පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වීමෙන් වලක්වා ගැනීම සඳහා මෙම තරගාවලියේදී ඔහු විවේක ගැන්වීමට පියවර ගත් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වේ.

රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අෂ්වින් සහ මුරලි විජේ යන ක්‍රීඩකයන් නැවතත් ඉන්දීය කණ්ඩායමට කැඳවා සිටින අතර අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ශතක 2 ක් ලබාගත් ශිකර් ධවාන්ද ඉන්දීය කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

නම් කර තිබෙන ඉන්දීය සංචිතයට වේග පන්දුයවන්නන් සිවුදෙනෙක් ඇතුළත්ව සිටින අතර මොහොමඞ් සාමි, උමේෂ් යාදව්, බුවනේෂ්වර් කුමාර් සහ ඉෂාන්ත් ශර්මා ඒ අතර වෙති.

ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හමුවේ 3-0 ක් ලෙස පරාජයට පත්වුවද, ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), අජින්ක්‍යා රහනේ (උප නායක), ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, ශිකර් ධවාන්, චෙතේෂ්වර් ජුජාරා, රෝහිත් ශර්මා, රිධිමන් සාහා, රවිචන්ද්‍රන් අෂ්වින්, රවින්ද්‍ර ජදේජා, කුල්දීප් යාදව්, මොහොමඞ් සාමි, උමේෂ් යාදව්, බුවනේෂ්වර් කුමාර් සහ ඉෂාන්ත් ශර්මා


- 036

 


අදහස් (0)

පාණ්ඩ්‍යා විවේක ගන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.