Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි

පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රිෂාබ් පාන්ට්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 40 තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි කැපිටල්ස් සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ පාන්ට් පන්දු 36 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 78 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පිත්වි ෂෝ (42) සහ ශිකර් ධවාන් (54) දිල්ලි කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ. පන්දු 39 කදී වාර්තා වූ ෂෝගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 27 කට මුහුණදුන් ධවාන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේගේ ශතකය හේතුවෙන් ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් ලබාගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාව 5 ක්ව තිබියදී රාජස්ථාන් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සංජු සැම්සන් දුවද්දී දැවී ගියේ එක් පන්දුවකට හෝ මුහුණදීමට අවස්ථාවක් නොලබාය. කෙසේ වුවත් එතැන් පටන් නායක ස්ටීවන් ස්මිත් (50) සමග එක්ව රාජස්ථාන් ඉනිම ගොඩනැගූ රහනේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. 

එහිදී පන්දු 63 කට මුහුණදුන් රහනේ, හයේ පහර 3 කින් සහ හතරේ පහර 11 කින් සිය ශතකය අලංකාර කළ අතර පන්දු 32 කදී වාර්තා වූ ස්මිත්ගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ස්ටුවට් බිනී පන්දු 13 කින් ලකුණු 19 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක ශ්‍රෙයාස් අයියර් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර දිල්ලි කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ කගිසෝ රබාඩා ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගත්තේය.

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 191
(අජිනක්‍යා රහනේ නොදැවී 105, ස්ටීවන් ස්මිත් 50, ස්ටුවට් බිනී 19, කගිසෝ රබාඩා 37/2)

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 19.2 කදී කඩුලු 4 කට 193
(පිත්වි ෂෝ 42, ශිකර් ධවාන් 54, රිෂාබ් පාන්ට් නොදැවී 78, ශ්‍රෙයාස් ගෝපාල් 47/2)

ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි

-036


අදහස් (0)

පාන්ට්ගේ ප්‍රවේගකාරී ඉනිම දිල්ලි පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.