Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භ වූ තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම, කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
පළමු දිනය සඳහා අද තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 38 ක් ලබා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට වඩා ලකුණු 278 ක් පසුපසින් සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද, ළහිරු තිරිමාන්න හතරේ පහරක් සමග ලකුණු 12 ක්ද ලබා ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමේ මුල් කඩුලු 5 ක් ලකුණු 98 ක් තුළ බිඳවැටුණ අතර එතැන් පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොබියව මුහුණදුන් කර්ටිස් පැටර්සන් (නොදැවී 157) සහ ජේක් ඩෝරන් (නොදැවී 102) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 218 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 212 කට මුහුණදුන් පැටර්සන් හයේ පහරකින් සහ හතරේ පහර 21 කින් සිය ශතකය සැරසූ අතර පන්දු 129 කදී වාර්තා වූ ඩෝරන්ගේ ශතකයට හතරේ පහර 12 ක් අන්තර්ගත විය.
මුලු ලකුණු සංඛ්‍යාව 11 ක් වන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ජෝ බර්න්ස් පිටියෙන් ඉවත් කිරීමට කසුන් රාජිත සමත් වූ අතර ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට බර්න්ස් ලබා සිටියේ ලකුණු 4 ක් පමණි. බර්න්ස්ගේ දැවීයෑමෙන් පසුව ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවට තවත් ලකුණු 14 ක් එක්වන විට මානස් ලැබුස්චේන් (6) සහ මැතිව් රැන්ෂෝ (7) ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දුෂ්මන්ත චමීර සමත් විය.
ඉන් අනතුරුව විල් පුකොව්ස්කි (23) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කර්ටිස් පැටර්සන් සමත් වූ අතර දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ කසුන් රාජිත අතට උඩ පන්දුවක් දෙමින් පුකොව්ස්කි දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි 19 හැවිරිදි ලාබාල ක්‍රීඩක ජේසන් සංගාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් උදා නොවූ අතර ලකුණු 3 ක් ලබා සිටියදී රාජිතගේ පන්දුවක් හමුවේ චමීර අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය. ෙ
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.