Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 188 ක් රැස්කළ පැතුම් නිස්සංකට තරගයේ සිවුවැනි සහ අවසන් දිනයේ නියමිත කාළය අවසන්වීම හේතුවෙන් සිය ද්විත්ව ශතකය මඟ හැරී ගියේය.
අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (24 වැනිදා) අවසන්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 547 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 363 ක් රැස්කිරීමට සමත්විය.
තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි පැතුම් නිස්සංක පන්දු 226 කට මුහුණදුන් අතර හයේ පහර 3 ක් සහ හතරේ පහර 20 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.
චරිත් අසලංක සමගින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 148 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ පැතුම් නිස්සංක සිවුවැනි කඩුල්ල සදහා නිරෝෂන් දික්වැල්ල සමගින්ද තවත් ලකුණු 132 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.
චරිත් අසලංක (62) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 56) අර්ධ ශතක රැස්කරමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා මහනුවර කණ්ඩායම රැගෙන යාමට දායක වූහ.
ඊයේ (23 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 298 ක් රැස්කරගෙන සිටි ගාල්ල කණ්ඩායම අද උදෑසන ලකුණු 306 කට කඩුලු 9 ක් දැවී තිබියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීය.
තෙවැනි දිනය නිමාවන විට ලකුණු 88 ක් රැස්කරමින් නොදැවී කඩුල්ල්ලේ රැඳී සිටි රොෂේන් සිල්වාට අද දිනයේදී සිය ඉනිමට එක්කර ගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.
චාමික කරුණාරත්න ලකුණු 63 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ගාල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 90 කදී සියලුදෙනා දැවී ලකුණු 425
(මාධව වර්ණපුර 66, සධීර සමරවික්‍රම 40, රොෂේන් සිල්වා 168, දසුන් ශානක 90, ප්‍රභාත් ජයසූරිය 116/4, චරිත් අසලංක 31/3, ළහිරු සමරකෝන් 87/2)
මහනුවර කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 185
(මහේල උඩවත්ත 27, නිරෝෂන් දික්වැල්ල 39, චාමික කරුණාරත්න 20, ඉසුරු උදාන 35, නිෂාන් පිරීස් 67/6, චතුරංග ද සිල්වා 29/2, නිසල තාරක 47/2)
ගාල්ල කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 73.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 306
(උපුල් තරංග 103, රොෂේන් සිල්වා 89, චාමික කරුණාරත්න 63/5, ළහිරු සමරකෝන් 56/2)
මහනුවර කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 81 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 363
(පැතුම් නිස්සංක නොදැවී 188, චරිත් අසලංක 62, ඇන්ජලෝ මැතිව්ස් 23, නිරෝෂන් දික්වැල්ල නොදැවී 56)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.