Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) ආරම්භවූ 84 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශාන්ත පීතර විදුහල කඩුලු 6 කට ලකුණු 190 ක් රැස්කරමින් තරගයේ වැඩි වාසී අත්කර ගැනීමට සමත්විය.
තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශාන්ත ජෝෂප් විදුහලට ලබාගත හැකිවූයේ ලකුණු 195 ක් පමණි.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගයේ පළමු දිනය නියමිත වේලාවට කළින් අවසන් කිරීමට විනිසුරුවරු තීරණය කළහ. පළමු ඉනිමේදී කණ්ඩායම් දෙකටම පන්දුවට පහරදීම ඕවර 60 කට සීමා කර තිබීම මෙම තරගයේ විශේෂත්වයකි. කඩුලු 4 ක් අතැතිව සිටින ශාන්ත පීතර විදුහල මේ වනවිට ශාන්ත ජෝශප් විදුහලට වඩා පසුපසින් සිටින්නේ ලකුණු 5 කින් පමණි.
ශලිත් ප්‍රනාන්දු (58) සහ රන්මිත් ජයසේන (55) අර්ධ ශතක රැස්කරමින් ශාන්ත පීතර විදුහල් කණ්ඩායමට තරගයේ වැඩි වාසී අතර දීමට සමත්වූහ. දුනිත් වෙල්ලලගේ සහ අශේන් ඩැනියල් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනාගත් ශාන්ත පීතර විදුහල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායමට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 195 ක් පමණි.
ශාන්ත ජෝශප් නායක ජෙහාන් ඩැනියල් නායකත්වයේ ඉනිමක් දියත් කළද ශතකයට ලකුණු 7 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් ශතකය අහිමිව ගියේය. පන්දු 115 කට මුහුණදුන් ජෙහාන් ඩැනියල්ගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
හෙට (3 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනය වන අතර ඕවර 105 ක් යැවීමට පන්දු යවන්නන්ට සිදුවනු ඇත.
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.