Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර නේපියර්හිදී පැවැති තෙදින පුහුණු තරගය අද (10 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. තරගය  නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියේය. 

තරගය නිමාවට පත්වන විට විලියම් ඕ’ඩොනෙල් ලකුණු 53 ක්ද, ඬේල් පිලිප්ස් ලකුණු 39 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව නවසීලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 95 කි.

ඩොනෙල්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් වූ අතර පිලිප්ස්ගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය. 

මුලු ලකුණු සංඛ්‍යාව 39 ක් වන විට ආරම්භක පිතිකරු ලූක් ජොජ්සන්ගේ (9) කඩුල්ල බිඳ දැමීමට කසුන් රාජිත සමත් විය. හතරේ පහර 5 ක් සමග ලකුණු 26 ක් ලබා සිටි ඩීන් රොබින්සන් දැවී ගියේ ළහිරු කුමාරගේ පන්දුවට හමුවේ ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. 

කළකට පසු පන්දු යැවීමේ කාර්යයේ නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් නිලකුණු ඕවරයක්ද සමගින් ඕවර 3 ක් යැවූ අතර නවසීලන්ත දෙවැනි ඉනිමේදී කිසිදු දඟ පන්දු යවන්නකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා නායකයා පියවර නොගත්තේය. එහිදී කුසල් මෙන්ඩිස්ටද ඕවරයක් යැවීම සඳහා අවස්ථාවක් හිමිවිය.  

දෙවැනි දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නරත කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 160 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (10 වැනිදා) දිනයේදී තවත් ලකුණු 161 ක් එක්කර ගැනීමෙන් අනතුරුව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. නවසීලන්ත පන්දු යවන්නන්ට අද දිනයේදී දවාගත හැකි වූයේ කඩුලු 3 ක් පමණි. 

ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විට නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක්ද, සධීර සමරවික්‍රම හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 72 ක් රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වූ අතර ඉන් අනතුරුව සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් ඔහු පිටියෙන් ඉවත්ව ගියේය. 

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 28 ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී ගියේ මයිකල් ස්නෙඩන්ගේ පන්දුවක් හමුවේ ලූක් ජොජ්සන් අතට උඩ පන්දුවක් දෙමිනි. බ්ලේක් කොබර්න්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා පිටියෙන් ඉවත්ව යන විට නායක දිනේෂ් චන්දිමාල් ලබා සිටියේ ලකුණු 8 ක් පමණි. ලකුණු 27 ක් ලබා සිටි රොෂේන් සිල්වා ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩල්ල ලෙස පීටර් යංහස්බන්ඞ්ගේ පන්දුවක් හමුවේ බ්‍රෙට් හැම්ප්ටන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. 

-036 


අදහස් (0)

පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.