Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි

පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොල්කටාවේ ජදාව්පූර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පෙරහුරු තරගය අද (12 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය අවසන් වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල කඩුලු 5 ක් දැවී ලකුණු 287 ක් ලබා ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 124 ක් පසුපසින් සිටියේය. ඒ වන විට බවනක සන්දීප් නොදැවී ලකුණු 33 ක්ද, ජලාල් සක්සේනා නොදැවී ලකුණු 20 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 15 දෙනාගෙන් 14 දෙනෙක්ම මෙම තරගයේදී පන්දු යැවීම සඳහා කැඳවීම කැපී පෙනෙන සිදුවීමක් විය. එහිදී පන්දු යැවීමට නොපැමිණි එකම ක්‍රීඩකයා වූයේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පමණි. සාමාන්‍යයෙන් පන්දු යැවීමේ නිරත නොවන දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වාද මෙම තරගයේදී පන්දු යැවූහ.

එහිදී ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ මුල් පෙළ පිතිකරුවන් දෙනෙක් අඩුලු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කිරීමට ළහිරු තිරිමාන්න සමත් වූ අතර අගනා ශතකයක් ලබාගත් නායක සංජු සැම්සන්ගේ (128) කඩුල්ල දවාගනු ලැබුවේ සධීර සමරවික්‍රම විසිනි. ධනංජයද සිල්වා සහ ඩිල්රුවන් පෙරේරාද එක් කඩුල්ල බැගින් දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඊයේ (11 වැනිදා) දිනය අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 411 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ වන විට නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 13 ක් සමග ලකුණු 73 ක්ද, රොෂේන් සිල්වා හතරේ පහර 5 ක් සමග ලකුණු 36 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් සධීර සමරවික්‍රම (74) සහ දිමුත් කරුණාරත්න (50) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩැගීමට සමත් වූහ. පන්දු 77 කදී වාර්තා වූ සධීරගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් වූ අතර පන්දු 62 කදී වාර්තා වූ දිමුත්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුනව දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත්ව ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ළහිරු තිරිමාන්නට ලබාගත හැකි වූයේ ලකුණු 17 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 6 ක් සමග ලකුණු 54 ක් ලබා සිටියදීද, නායක දිනේෂ් චන්දිමාල් හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක් ලබා සිටියදීද සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් පිටියෙන් ඉවත්ව ගියහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ දිල්රුවන් පෙරේරා පන්දු 44 කදී ලකුණු 48 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. සන්දීප් වේරියර්ගේ පන්දුවක් හමුවේ අන්මොල්ප්‍රීත් සිං අතට උඩ පන්දුවක් දෙමින් දැවීයෑම නිසා ඔහුට අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

දසුන් ශානක (2), ධනංජය ද සිල්වා (10) සහ රංගන හේරත් (3) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සන්දීප් වේරියර් සහ ආකාෂ් භන්ඩාරි කඩුලු 2 බැගින් බිඳ දැමූහ.


ශ්‍රී ලංකා පිල පළමු ඉනිම - කඩුලු 9 කට 411
(සධිර සමරවික්‍රම 74, දිමුත් කරුණාරත්න 50, ළහිරු තිරිමාන්න 17, ඇන්ජලෝ මැතිව්ස් 54, දිනේෂ් චන්දිමාල් 29, නිරෝෂන් දික්වැල්ල නොදැවී 73, ඩිල්රුවන් පෙරේරා 48, රොෂේන් සිල්වා නොදැවී 36, සන්දීප් වේරියර් 60/2, ආකාෂ් භන්ඩාරි 111/2)

ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල පළමු ඉනිම - කඩුලු 5 කට 287
(ජීවන්ජෝත් සිං 35, සංජු සැම්සන් 128, රෝහන් ප්‍රේම් 39, බවනක සන්දීප් නොදැවී 33, ජලාල් සක්සේනා නොදැවී 20, ළහිරු තිරිමාන්න 22/2)


- 036

 


අදහස් (0)

පෙරහුරු තරගය ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.