Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශ ටෙස්ට් නායකත්වය සකිබ් අල් හසන්ට

බංග්ලාදේශ ටෙස්ට් නායකත්වය සකිබ් අල් හසන්ට

Nisanka Sandeepani - 2017 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ටෙස්ට් පිලේ නායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක සකිබ් අල් හසන් නම් කර තිබේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මාසයේදී (2018 - ජනවාරි) පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී සකිබ් අල් හසන් බංග්ලාදේශ පිල මෙහෙවීමට නියමිතය.

බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් එකම ටෙස්ට් ජයග්‍රහණයේ (2017 - මාර්තු මස ශ්‍රී ලංකාවේදී) නායකයා වූ මුෂ්ෆිකුර් රහීම් වෙනුවට සකිබ් අල් හසන් පත්කර තිබේ. 

වසර 2009 සිට 2011 දක්වා ටෙස්ට් තරග 9 කදී බංග්ලාදේශ පිලේ නායකත්වය දැරූ සකිබ් අල් හසන් පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදී විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය බාරගත්තේය. ටෙස්ට් පිලේ නායකත්වයද සකිබ් අල් හසන්ට පවරා දී ඇත්තේ දකුණු අප්‍රිකානු සංචාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට අත්වූ දරුණු පරාජයෙන් පසුවය.

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් විස්සයි-20 තරග සඳහා උපනායකත්වයේ රැඳී සිටියද ටෙස්ට් සංචිතයේදී ඔහුගේ ස්ථානය (උප නායකත්වය) මහමදුල්ලා වෙත හිමිවී තිබේ. එක්දින කණ්ඩායමේ නායකයා වශයෙන් මෂ්රාෆි මෝර්ටසා දිගටම රැඳී සිටිනු ඇත. 

බංග්ලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේ සියලුම තරග පරාජය වූ අතර එහි ප්‍රතිඵලයක් වූයේ පුහුණුකරු චන්දික හතුරුසිංහ තනතුර හැරදමා යාමයි. බංග්ලාදේශ කණ්ඩායමේ සාර්ථකත්වය පසුපස සිටි දැවැන්ත සෙවණැල්ලක් වූ චන්දික හතුරුසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් පත්කර සිටී.

හතුරුසිංහ මහතාගේ පළමු පැවරුම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් බංග්ලාදේශ සංචාරයට යාමයි. 

- රොයිටර් ඇසුරිනි

 


අදහස් (0)

බංග්ලාදේශ ටෙස්ට් නායකත්වය සකිබ් අල් හසන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.