Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශ යොවුන් පිල කඩුලු 3 කට 209 යි

බංග්ලාදේශ යොවුන් පිල කඩුලු 3 කට 209 යි

Nisanka Sandeepani - 2018 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භවූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය අවසන් කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් ලබා සිටියේය.

තේ පානයට මිනිත්තු 10 කට පමණ පෙර අයහපත් ආලෝකය හේතුවෙන් තරගය නතර කළ අතර ඒ සමගින් තේ පානය කිරීම සඳහාද එය අවස්ථාවක් කරගැනීමට විනිසුරුවෝ තීරණය කළහ. නමුත් තේ පානයෙන් පසුවද ආලෝක තත්වය යහපත් නොවූ අතර පසුව සිහින් පොද වැස්සක් ඇද හැලීම හේතුවෙන් පළමු දිනට තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

තව්හිඞ් රිඩෝයී ලකුණු 54 ක් සහ ශමීම් පත්වරි ලකුණු 43 ක් රැස්කරමින් සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩුල්ලේ රැඳී සිටිති.

වේගවත් ආරම්භයක් ලබාගත් ආරම්භක පිතිකරුවෝ පළමු කඩුල්ල සඳහා පන්දු 53 කදී ලකුණු 54 ක් රැස්කළ අතර චමිඳු විජේසිංහගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් තන්සිඞ් හසන් දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි. පන්දු 31 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 42 ක් රැස්කිරීමට තන්සිඞ් හසන් සමත් විය.

වේගපන්දු යවන්නන්ට පහර පිට පහර වදින විට දඟ පන්දු යවන්නන් ගෙන්වීමට නායක නිපුන් ධනංජය තීරණය කළ අතර ඉන් නිසි ඵල නෙලා ගනිමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කිරීමට ඔවුන් සමත්වූහ.

නව්රෝස් නබිල් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 39 ක සම්බන්ධතාවයක් පැවැත්වූ හසන් ජෝයි පිටියෙන් ඉවත් කිරීමට සඳුන් මෙන්ඩිස් සමත්විය. හතරේ පහර 3 ක් සමගින් හසන් ජෝයිට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 19 ක් පමණි.

අශේන් ඩැනියල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කමිල් මිශාර අතට උඩපන්දුයක් දෙමින් අර්ධ ශතකයට ලකුණු 5 ක් තිබියදී ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි ප්‍රන්තික් නව්රෝස් දැවී ගියේය. ආරම්භයේදී වේගයෙන් පන්දුවට පහරදුන්නද දඟ පන්දු යවන්නන් කැඳවීමත් සමගින් තැන්පත් පිතිහරඹයක නිරතවූ නව්රෝස්දැවී යන විට පන්දු 114 කට මුහුණදී හතරේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කරගත්තේය.

මේ වනවිට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා විසින් පන්දු යවන්නන් 6 දෙනෙකු යොදා ගත්තද බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට අපොහොසත් විය.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තව්හිඞ් රිඩෝයී විසිනුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නිපුන් ධනංජය විසිනුත් මෙයෙවනු ලබති.

 ​

 

 

13

14

15


අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිල කඩුලු 3 කට 209 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.